spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රාජ්‍ය සේවකයින් දින පහේම යළි සේවයට කැඳවීමේ සූදානමක්

ඉන්ධන අර්බුදය හේතුවෙන් රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීම සීමා කිරීමට රජය පසුගිය දා තීරණය කළා.

කෙසේ වෙතත් යළි රාජ්‍ය සේවකයින් සතියේ දින පහේම සේවයට කැඳවීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.

රට තුළ පැවති ඉන්ධන අර්බුදය යම් තරමකට සමනය වී පොදු ප්‍රවාහනය ඇතුළු සේවාවන් ක්‍රියාත්මක වීම හේතුවෙන් මහජනතාව රජයේ කාර්යාල වෙත සේවාවන් ලබාගැනීම සඳහා සතියේ වැඩ කරන සෑම දිනකම පැමිණෙන බව නිරීක්ෂණය වී තිබෙනවා.

ඒ, අනුව රජයේ කාර්යාලවල කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමේ අවශ්‍යතාව මතුව ඇති බැවින් රාජ්‍ය සේවකයින් සතියේ දින පහේම සේවයට කැඳවීමට මෙලෙස අවධානය යොමුව ඇති බව සඳහන්.

රට තුළ ඇති වූ ඉන්ධන අර්බුදය හේතුවෙන් පසුගිය ජූලි 24 වනදා සිට මාසයක කාලයක් රජයේ සේවකයින් සේවයට කැඳවීම සීමා කරමින් චක්‍රලේඛයක්ද නිකුත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
21
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?