spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රාජ්‍ය සේවකයින් අද කෑම පැයේ විරෝධතාවයේ

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුව විසින් අද (30) දිනයේ දිවයින පුරා විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබෙනවා.

මෙම විරෝධතා ව්‍යාපාරය සඳහා සංවර්ධන නිලධාරී, කළමනාකරණ සේවා නිලධාරී, ග්‍රාම නිලධාරී, සමෘද්ධි, කාර්යාල සේවා, පළාත් රාජ්‍ය සේවා ඇතුළු සේවා ගණනාවක් සම්බන්ධවන බවයි වාර්තා වුණේ.

අද (30) දිවා ආහාර කාලයේ මෙම විරෝධතා ව්‍යාපාර පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, මෙවර ‍අයවැයෙන් රුපියල් 20,000ක දීමනාවක් හෝ වැටුප් වැඩිවීමක් ඉල්ලා මෙම විරෝධතා ව්‍යාපාර සංවිධානය කර තිබෙනවා.

මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද අද (30) සහ හෙට (31) යන දෙදින තුළ සේවයෙන් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්යක නිරතවන බව දැනුම් දුන්නා.

සිය වෘත්තීය ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් ඒ සඳහා විසඳුම් ලබාදෙන ලෙස බලකරමින් ඔවුන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වුණේ.

එමෙන්ම ලබන නොවැම්බර් පළමු වනදා සියලුම සෞඛ්‍ය වෘත්තීය සමිති එක්ව උදෑසන 6.30 සිට පස්වරු 12.00 දක්වා සියලු රෝහල්වල වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?