රාජ්‍ය සේවකයින් අද කෑම පැයේ විරෝධතාවයේ

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුව විසින් අද (30) දිනයේ දිවයින පුරා විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබෙනවා.

මෙම විරෝධතා ව්‍යාපාරය සඳහා සංවර්ධන නිලධාරී, කළමනාකරණ සේවා නිලධාරී, ග්‍රාම නිලධාරී, සමෘද්ධි, කාර්යාල සේවා, පළාත් රාජ්‍ය සේවා ඇතුළු සේවා ගණනාවක් සම්බන්ධවන බවයි වාර්තා වුණේ.

අද (30) දිවා ආහාර කාලයේ මෙම විරෝධතා ව්‍යාපාර පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, මෙවර ‍අයවැයෙන් රුපියල් 20,000ක දීමනාවක් හෝ වැටුප් වැඩිවීමක් ඉල්ලා මෙම විරෝධතා ව්‍යාපාර සංවිධානය කර තිබෙනවා.

මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද අද (30) සහ හෙට (31) යන දෙදින තුළ සේවයෙන් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්යක නිරතවන බව දැනුම් දුන්නා.

සිය වෘත්තීය ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් ඒ සඳහා විසඳුම් ලබාදෙන ලෙස බලකරමින් ඔවුන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වුණේ.

එමෙන්ම ලබන නොවැම්බර් පළමු වනදා සියලුම සෞඛ්‍ය වෘත්තීය සමිති එක්ව උදෑසන 6.30 සිට පස්වරු 12.00 දක්වා සියලු රෝහල්වල වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56