රාජ්‍ය සේවකයින්ගේ හිඟ ජීවන වියදම් දීමනාව මෙම වසරේ ගෙවීමක් නැහැ – කැබිනට් මාධ්‍ය ප්‍රකාශක (වීඩියෝ)

රාජ්‍ය සේවකයින්ට 2024 ජනවාරි මාසයේ සිට මාර්තු මාසය දක්වා වූ හිඟ ජීවන වියදම් දීමනාව මෙම වසරේ මෙම මාසයේ (ඔක්තෝම්බර්) මාසයේ සිට ගෙවන බවට පසුගිය රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව පොරොන්දුවක් ලබා දී තිබුණා.

එලෙස පොරොන්දු ලබාදී තිබිය දීත් එම හිඟ ජීවන වියදම් දීමනාව 2025 වසරේ ජනවාරි මාසයේ සිට ගෙවීමට චක්‍රලේකයක් හොර රහසේම පසුගිය රජය විසින් 2024 01-10 දින නිකුත් කර ඇති බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේ.

“2024 ජනවාරි මාසයේ සිට මාර්තු මාසය දක්වා වූ හිඟ ජීවන වියදම් දීමනාව 2025 ජනවාරි සිට මාර්තු තෙක් මාසිකව රුපියල් පන්දහස බැඟින් ගෙවා අවසන් කිරීම.”

අද (29) පැවති කැබිනට තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව පැවසුවා.

ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා ලෙස ජනතාව රැවටීමකට ලක්කර ඇති බව ය විජිත හේරත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

කෙසේ වෙතත් 2025 වසරේ සිට රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩි කිරීමේ සහතිකය ලබාදිය හැකි බවයි අමාත්‍යවරයා පැවසුවේ.

එමෙන්ම අමාත්‍යවරයා සඳහන් කර සිටියේ ඉහත සඳහන් චක්‍රලේකයට අනුව හිඟ ජීවන වියදම් දීමනාව ලබන වසරේ ජනවාරියේ සිට ලබාදීමට අනිවාර්යයෙන් කටයුතු කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04