රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ලබන වසරේ සිට ඉහළට – මන්දපෝෂණය තුරන් කරන්නත් සැලසුම්

රටේ රාජ්‍ය සේවය පිළිබඳව ජනතාවගේ කිසිදු යහපත් ආකල්පයක් නොමැති බවත්; රාජ්‍ය සේවයේ නිලධාරීන් ද සිය සේවය සම්බන්ධයෙන් යහපත් මානසික මට්ටමක හෝ තෘප්තිමත්භාවයක් නොමැති බව ද ජනාධිපතිවරයා පැවසුවා.

මේ හේතුවෙන් ඉතිහාසයේ පළමු වරට රාජ්‍ය සේවකයින්ගෙන් ලද ඉහළතම මනාප සංඛ්‍යාව ද තම රජය ලැබූ හෙයින් රාජ්‍ය සේවය ‘තෘප්තිමක් රාජ්‍යය; සේවයක් බවට පත් කරමින් ජනතාව සහ නිලධාරීන් යන දෙපාර්ශ්වයම සතුටු වන ආකාරයේ නව යෝජනා හා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන බවත් අනුර කුමාර දිසානායක මහතා සිය රාජාසන කතාවේ දී අවධාරණය කළා.

රාජ්‍ය සේවකයින්ට දිරි දීමනාවක් (රු.3000) ලබා දීමට කටයුතු කර ඇති හෙයින් නව අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් සාධාරණ පරිදි ඉහළ නැංවීමට බලාපොරොත්තු වන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

මේ අතර මෙරට තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයන් උදෙසා මන්දපෝෂණය තුරන් කිරීමටත්; දරිද්‍රතාව නැති කිරීමටත් ගත හැකි පළමු පියවර වශයෙන් අඩු ආදායම්ලාභී පවුල් වෙත සාධාරණ සහනයක් රජයෙන් ලබාදීමටත්, ගර්භණී මව්වරුන්ගේ සහ ළදරුවන්ගේ පෝෂණය වෙනුවෙන් වෙනම වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියා.

  1. අයියෝ ශාන්ත… රුපියල් 3000/= මම හිතුවා… මම තව දේවල් දන්නවා… ඒත් ඕගොල්ලට කියලා වැඩක් නැහැ. මට දැනෙනෙ දෙය, මට හිතෙන දෙය ඔහෙලට ගෝචර වෙන් නැහැ කිව්වට…ඒකයි.

    • රුපියල් තුන්දාහක් අපිට නං දීල නෑ
      මොන උනත් ජනාධිපතිතුමා සැබෑම තත්ත්වය තේරුම් ගත්ත එක නම් වටිනවා තෘප්තිමත් සේවයක් නොලැබෙන්නේ ඇත්තටම කියනවා නම් තෘප්තිමත් වැටුපක් නැති නිසා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30