රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මස් මාංශ අලෙවිසැල්, රේස් බුකි, කැසිනෝශාලා සහ සමාජශාලා වැසේ

රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මස් මාංශ අලෙවිසැල්, මස් පිණිස සතුන් මරණ ස්ථාන, රේස් බුකි, කැසිනෝශාලා හා සමාජශාලා වසා තැබීමට තීරණය කර තිබෙනවා.

අද (27) සිට ජූනි මස 02 වනදා දක්වා වෙසක් සතිය තුළ එම ස්ථාන වසා දමන බවයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය දැනුම් දෙන්නේ.

එමෙන්ම ලබන 30, 31 සහ ජුනි 01 යන දිනවල දිවයින පුරා මස් පිණිස සතුන් මැරීම, මස් මාංශ අලෙවිසැල් සහ සුපිරි වෙළඳසැල්වල මස් මාංශ අලෙවිය තහනම් වන අතර, රේස් බුකි, කැසිනෝශාලා සහ සමාජශාලා වසා තැබීමටත් නියෝග කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
14
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted