රාජ්‍ය ව්‍යවසාය සඳහා දැනුම හුවමාරු කරගැනීමේ වැඩමුළුවක්

ආර්ථික ස්ථායීතාව ප්‍රවර්ධනය කිරීමේ සහ රාජ්‍ය සේවා සැපයීම වැඩිදියුණු කිරීමේ රජයේ දිගුකාලීන කැපවීමේ කොටසක් ලෙස රාජ්‍ය ව්‍යවසාය සඳහා දැනුම හුවමාරු කරගැනීමේ වැඩමුළුවක් අද (25) කොළඹ මිලෝදා ඇකඩමියේ දී පැවැත්වුණා.

කොළඹ විශ්වවිද්‍යාලයීය ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිධාරින්ගේ (Master of Business Administration) – MBA ආදි ශිෂ්‍ය සංගමයේ සහයෝගයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මෙම වැඩමුළුව සංවිධානය කර තිබූ අතර රාජ්‍ය ව්‍යවසායන්හි කාර්යක්ෂමතාව, වගකීම සහ ජාතික ආර්ථික සංවර්ධනයට දායකත්වය වැඩිදියුණු කිරීම සඳහා ආයතනික පාලනය, මූල්‍ය කළමනාකරණය සහ දූෂණ විරෝධී පිළිවෙත් වැඩිදියුණු කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (මුදල් හා ආර්ථික කටයුතු) ජී.එම්.ආර්.ඩී. අපොන්සු මහතා විසින් රාජ්‍ය ව්‍යවසාය පාලනය වැඩිදියුණු කිරීම පිළිබඳ මෙහිදී අදහස් දැක්වූවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ MBA ආදි සිසු සංගමයේ සභාපති සුරජ් රදම්පොළ මහතා වැඩමුළුවේ අරමුණු සහ රාජ්‍ය ව්‍යවසාය කාර්යසාධනය වැඩිදුයුණු කිරීම සඳහා දැනුම හුවමාරු කර ගැනීමේ වැදගත්කම සාකච්ඡා කළා.

ප්‍රධාන සැසි 03ක් යටතේ වැඩමුළුව පැවැත්වුණු අතර “රාජ්‍ය ව්‍යවසාය සඳහා ආයතනික පාලනය” සැසිය ජනාධිපති නීතිඥ සහ ජ්‍යෙෂ්ඨ මණ්ඩල සාමාජික ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා විසින් ද, “රාජ්‍ය ව්‍යවසාය සඳහා මූල්‍ය විනය සහ වගකීම” සැසිය CA ශ්‍රී ලංකා ආයතනික පාලන කමිටුවේ සභාපති මනිල් ජයසිංහ මහතා විසින් ද, “රාජ්‍ය ව්‍යවසාය සඳහා දූෂණ විරෝධි පනතේ ආදාළත්වය” සැසිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්, චේතිය ගුණසේකර මහතා විසින්ද මෙහෙයවනු ලැබුවා.

පෙර රජය ඇතැම් රාජ්‍ය ව්‍යවසාය වසා දැමීමට සහ ඇතැම් ඒවා පෞද්ගලීකරණය කිරීමට පෙනී සිටි අතර, ඊට වෙනස්ව වර්තමාන රජය රාජ්‍ය අයිතිය පවත්වා ගනිමින් කාර්යසාධනය අඩු රාජ්‍ය ව්‍යවසාය සමාලෝචනය කිරීම, ඒකාබද්ධ කිරීම් ගවේෂණය කිරීම සහ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා කළමනාකරණය ව්‍යුහයන් වෙනස් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් වඩාත් ප්‍රතිසංස්කරණවාදී ප්‍රවේශයක් ගෙන තිබෙනවා.

මෙම තත්ත්වය තුළ මෙම වැඩමුළුව රජයේ නව ප්‍රවේශයට අනුකූලව ප්‍රතිසංස්කරණ සහ නවෝත්පාදන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අවබෝධය තීරණ ගන්නන් සඳහා ලබා දීමේ ප්‍රධාන වේදිකාවක් සපයන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මෙම වැඩමුළුව හරහා රාජ්‍ය ව්‍යවසාය කාර්යසාධනය වැඩිදියුණු කිරීමෙන්, “Clean Sri Lanka” වැඩසටහනේ අරමුණු සමඟ සෘජුවම අනුපූරක වන වගකීම් සහ තිරසාරත්ව සංස්කෘතියක් ගොඩනැගීම රජය අපේක්ෂා කරනු ඇති.

නිශ්චිත නිර්ණායක මත පදනම්ව, තරමක අකාර්යක්ෂමතා සහිත සහ ආර්ථික බලපෑම සඳහා සැලකිය යුතු විභවයක් ඇති රාජ්‍ය ව්‍යවසාය 20ක නියෝජිතයින් මෙම වැඩමුළුව සඳහා තෝරාගෙන තිබු අතර ලංකා ධීවර සංස්ථාව, සිලෝන් නැවි සංස්ථාව, සී-නෝර් පදනම සමාගම, එල්කඩුව වැවිලි සමාගම, කහටගහ ග්‍රැෆයිට් ලංකා සමාගම, ලංකා ඛනිජ වැලි සමාගම, ලංක පෝස්පේට් සමාගම, ලංකා සතොස සමාගම, ලංකා සීනි සමාගම, මිල්කෝ (පුද්) සමාගම ඇතුළු ආයතන නියෝජනය කරමින් සභාපතිවරුන්, සාමාන්‍යාධිකාරිවරුන්, භාණ්ඩාගාර නියෝජිතයන්, අමාත්‍යාංශ නිලධාරීන් සහ මණ්ඩල සාමාජිකයන් ඇතුළු ප්‍රධාන නිලධාරීහු සිය දෙනෙකු පමණ මීට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15