රාජ්‍ය යාන්ත්‍රණය සැළකිය යුතු ප්‍රමාණයක් නටඹුන් වෙලා – ජනපති අනුර (වීඩියෝ)

රාජ්‍ය යාන්ත්‍රණය සැළකිය යුතු ප්‍රමාණයකින් ගතහොත් නටඹුන් වූ රාජ්‍ය යාන්ත්‍රණයක් බවට පිළිගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ, අනුව එළඹෙන අයවැය තුළින් රාජ්‍ය යාන්ත්‍රණය සැකසීම වෙනුවෙන් යම් මුදල් ප්‍රමාණයක් වෙන් කිරීමට අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ.

ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීමේ ‘ප්‍රජා ශක්ති’ ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට අද (04) අරලියගහ මන්දිරයේ දී එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ නූතනත්වයට ගෙනෙන රාජ්‍ය යාන්ත්‍රණය තුළින් අලුත් රාජ්‍ය සේවකයෙක් අවශ්‍ය බවයි.

“මම පිළිගන්නවා අපේ රාජ්‍ය යාන්ත්‍රණය සැලකිය යුතු ප්‍රමාණයකින් ගත්තොත් නටඹුන් වූ රාජ්‍ය යාන්ත්‍රණයක්. අපේ රජයේ නිලධාරීන් සතුව තියන වාහන ගත්තොත් අවුරුදු 15කට වඩා පරණයි. අපේ බස් රථවලින් සීයට පනහකට වඩා නොසුදුසු වාහන රජයේ බස් රථ, අපේ කාර්යාලවල තියන කොම්පියුටර් ගත්තොත් ඒවා සැළකිය යුතු කාලෙකින් කල් පැනපු කොම්පියුටර්, අපේ ආයතනයේ තියන සිස්ටම් එක බැලුවොත් ඒවා යාවත්කාලින නොවුණු සිස්ටම් ගොඩනැගිලා තියනවා.ඒ නිසා නටඹුන් වුණු රාජ්‍යයක් අපි ගාව තිබෙන්නේ. ගොඩනැගිලි දිරාපත්වෙමින් තිබෙනවා, වාහන අතර මඟ කැඩෙමින් තිබෙනවා, කොම්පියුටර් සිස්ටම්න් යල් පැනලා තිබෙනවා.
අපි මොකද කරන්නේ අර සාමාන්‍ය ගැමියෙක් වගේ බුලත් ටිකක් පුවක් ටිකක් මල්ලේ දාගෙන ඔෆිස් එකට එනවා.ඕක තමයි ඇත්ත කතාව. ඒ නිසා මේක යාවත්කාලින නොවුණු රාජ්‍ය යාන්ත්‍රණයක් මේකේ තියෙන්නේ. ඒ නිසා අපි එළඹෙන අයවැය
ලේඛනයෙන් යම් මුදල් ප්‍රමාණයක් වෙන් කරන්න අපේක්ෂා කරනවා රාජ්‍ය යාන්ත්‍රණය අඩුම තරමේ, අපි පහුගිය අයවැයේ වැටුප් වැඩිකරලා රාජ්‍යට අවශ්‍යවන මානව සම්පතට සහාය දුන්නා ඊළඟට අපි රාජ්‍යට අවශ්‍යවන භෞතික සම්පත් ගොඩනගන්න ඕන. හැබැයි මොකක් වෙනුවෙන් ද, රජයට අවශ්‍යවන මානව සම්පත ගොඩනගන්න ඕන රජයට අවශ්‍යවන භෞතික සම්පත අපි හදන්නම්, ගොඩනැගිලි දිරාපත් වෙලා තියනවා නම් ඒවා ප්‍රතිසංස්කරණය කරගෙන, වාහන අපි මිල දී ගන්න සැලැස්මක් හදලා දෙන්නම්, අලුත් සිස්ටම් අපි අරගෙන දෙන්නම් අපි රාජ්‍ය මොඩිෆයි කරා, හැබැයි මොකක් වෙනුවෙන් ද පුරවැසියා වෙනුවෙන්. ඒ මොඩිෆයි කරන ලද රාජ්‍ය ඇතුළේ පරණ පුටුවේ පරණ කෙනෙක් නම් වාඩිවෙලා ඉන්නේ එකෙන් ඇති ඵලක් නෑ. ඒ නුතනත්වයට ගෙන ආ රාජ්‍ය යාන්ත්‍රණය තුළින් අලුත් රාජ්‍ය සේවකයෝ අපිට අවශ්‍යයි.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14