රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි

පාර්ලිමේන්තුවේ සභාගත කර ඇති රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පතට එරෙහි ව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී ඇති පෙත්සම් සලකා බැලීම අදින් ආරම්භ වෙනවා.

අදාළ පනත් කෙටුම්පත රාජ්‍ය ප්‍රසම්පාදනය හා සම්බන්ධ අධීක්ෂණ කටයුතු බරපතළ ලෙස දුර්වල කරන කෙටුම්පතක් බවයි
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා සංවිධානය පෙන්වා දෙන්නේ.

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත මැයි 22 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

ඒ අනුව පාර්ශ්ව කිහිපයක් අදාළ කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කර තිබෙනවා.

කෙටුම්පතේ 32 වැනි වගන්තිය මගින් දූෂණ අවදානම ඉහළ නංවා, සම අවස්ථාව අහිමි කරන බවයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා සංවිධානය ගොනු කළ පෙත්සම මගින් පෙන්වා දෙන්නේ.

පනත් කෙටුම්පතේ 32 (3) වගන්තිය මගින් රාජ්‍ය ව්‍යවසායන්ට ජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලින් බැහැරව කටයුතු කිරීමේ අවසරය දීමට මුදල් අමාත්‍යවරයාට සිය අභිමතය පරිදි බලය හිමිකර දී ඇති බව පෙන්වා දෙන අදාළ පෙත්සම, පනත්
කෙටුම්පතේ 32 (4) වගන්තිය මගින් එක් එක් පළාත් සභාවට ඔවුන්ට අවශ්‍ය පරිදි ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සකසා ගැනීමට අවසර දී අති බව පෙන්වා දෙනවා.

ඒ් අනුව මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි වගන්තියේ දැක්වෙන ජනතාවගේ පරමාධිපත්‍යය සහ 12 වැනි වගන්තියේ දැක්වෙන සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම යන ව්‍යවස්ථාවන් උල්ලංඝනය කරන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

ජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශ නිකුත් කර ඇත්තේ රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ විනිවිදභාවය වැඩි දියුණු කිරීමේ අරමුණ ඇති ව බව පෙන්වා දෙන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය ශ්‍රී ලංකාවේ දැනට පවතින දූෂණය සහ අල්ලස සලකා බලන විට ඒවා වැළැක්වීමේ අරමුණින් පනවා ඇති අධීක්ෂණ හා ආරක්ෂණ යාන්ත්‍රණයන් ලිහිල් කිරීම පිළිගත නොහැකි බව පෙත්සම මගින් අවධාරණය කරනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තාක්ෂණික සහාය ඇතිව ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කළ ශ්‍රී ලංකාවේ රාජ්‍යකරණ විශ්ලේෂණ වාර්තාව ඇමුණුමක් ලෙස උපුටා දක්වමින් මෙම පෙත්සම මගින් පෙන්වා දෙන්නේ රාජ්‍ය ව්‍යවසාය සමග බැඳුණු ප්‍රසම්පාදන
ක්‍රියාවලිය දූෂණය පැන නැගිය හැකි වැඩි අවදානම් ක්ෂේත්‍ර බව එම වාර්තාව මගින් ද හඳුනාගෙන ඇති බවයි.

එකී රාජ්‍ය අරමුදල්වල වගවීම, අධීක්‍ෂණය සහ කළමනාකරණය ශක්තිමත් කිරීම සඳහා යෝජිත පනත් කෙටුම්පතේ විධිවිධාන මගින් නිසි බලපෑමක් ඇති නොකරන බවයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා සංවිධානය සිය පෙත්සම මගින් පෙන්වා දෙන්නේ.

මේ අතර අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව ඉටුකළ යුතු ආණ්ඩුකරණයට අදාළ වැදගත් කැපවීම් ඉටු කිරීමට ශ්‍රී ලංකාව දිගින් දිගටම අපොහොසත් වෙමින් සිටින බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසනවා.

ශ්‍රී ලංකාව ඉටුකිරීමට අපොහොසත් වී ඇති කැපකිරීම් අතර මූල්‍ය කළමණාකරණයට අදාළ කැපවීම් 7ක් මූල්‍ය විනිවිදභාවයට අයත් කැපවීම් 6ක් සහ දූෂණ මර්දන ක්‍රියාමාර්ගවලට අයත් කැපවීම් 3ක් ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ආණ්ඩුකරණය මෙරට ආර්ථිකය නැවත නගා සිටුවීමේ පදනම බව පවසන අදාළ වෙරිටේ රිසර්ච් වාර්තාව, යහපත් ආණ්ඩුකරණයට අදාළ එම කැපකිරීම් ඉටු කිරීමට ශ්‍රී ලංකාව දිගින් දිගටම අපොහොසත් වීමෙන් පෙනී යන්නේ යහපත්
ආණ්ඩුකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් ප්‍රමාණවත් අවධානයක් යොමුකර නොතිබීම බව ද පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09