රාජ්‍ය බැංකුවල ඇති හිතවතුන්ගේ ණය කපා හැර ඇති බවට පැතිර යන ප්‍රචාර අසත්‍යයි

නිදහස් ශ්‍රී ලංකාවේ හය වැනි වතාවට ප්‍රාථමික ගිණුම ධන අගයක් වාර්තා වී ඇතැයි වැඩබලන මුදල් අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අමාත්‍යරයා පෙන්වා දෙන්නේ එය මෙරට ආර්ථික යළි අවදිවෙමින් තිබෙන බවට සුබවාදී සලකුණක් බවයි.

2023 වසරේ මුල් කාර්තුව තුළ ප්‍රාථමික ගිණුම රුපියල් බිලියන 48ක ධන අගයක් වාර්තා කර ඇති අතර මීට පෙර එවැනි ධන අගයක් වාර්තා වී ඇත්තේ 2018 වසරේ දීයි.

මුදල් පනත යටතේ ක්‍රියාත්මක නියෝග කිහිපයකට අදාළ පාර්ලිමේන්තු විවාදය ආරම්භ කරමින් අමාත්‍යවරයා අද (26) මේ බව ප්‍රකාශ කළා.

2021 වසරේ පළමු කාර්තුව තුළ ප්‍රාථමික ගිණුමේ රුපියල් බිලියන 1009ක හිගයක් අගයක් පෙන්නුම් කළ අතර 2022 වසරේ දී එම හිගය දැක්වුණේ බිලියන 894ක් අගයක් ලෙසටයි. 2023 වසරේ මුල් කාර්තුව තුළ රජයේ ආදායම රුපියල් බිලියන 635ක් ලෙස දැක් වෙන අතර වියදම රුපියල් බිලියන 1260ක්. ඉන් රුපියල් බිලියන 637ක ණය පොලී වාරික ඉවත් කළ විට වියදම දැක්වෙන්නේ රුපියල් බිලියන 587ක් ලෙසින්. ඒ අනුව 2023 වසරේ එම කාලය තුළ ප්‍රාථමික ගිණුම රුපියල් බිලියන 48ක ධන අගයක් පෙන්වන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

නිදහස් ශ්‍රී ලංකාවේ මීට පෙර අවස්ථා පහක දී ප්‍රාථමික ගිණුම ධන අගයක් වාර්තා වී තිබෙනවා. 1954 වසරේ දී පළමු වරට ප්‍රාථමික ගිණුම ධන අගයක් වාර්තා වී ඇති අතර එම ප්‍රමාණය රුපියල් මිලියන 57ක්. 1955 වසරේ දී ද ධන අගයක් වාර්තා වී අතර එම ප්‍රමාණය රුපියල් මිලියන 150ක්. ඉන් පසු ප්‍රාථමික ගිණුම ධන අගයක් වාර්තා වී ඇත්තේ 1992 වසරේ දීයි. එම ප්‍රමාණය රුපියල් මිලියන 177ක් වනවා. 2017 වසරේ දී ප්‍රාථමික ගිණුමේ රුපියල් මිලියන 2071ක ධන අගයක් සනිටුහන් වූ අතර අවසාන වශයෙන් ධන අගයක් වාර්තා වූ 2018 වසරේ දී එම අගය දැක්වුණේ රුපියල් මිලියන 91,421ක් ලෙසින්.

මේ අතර රාජ්‍ය බැංකු මගින් ලබාගෙන ඇති ඇතැම් ණය මුදල් දේශපාලන හිතවත්කම් මත කපා හැර ඇති බවට පැතිර යන ප්‍රචාරය සම්බන්ධයෙන් ම වැඩබලන මුදල් අමාත්‍යවරයා මෙහි දී අදහස් පළ කළා. මහජන බැංකුව සහ ලංකා බැංකුව යන රාජ්‍ය බැංකු දෙක මගින් නිකුත් කළ ප්‍රකාශ සභා ගත කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ එවැනි ණය කපා හැරීමක් පිළිබඳ සිතිවිල්ලක් හෝ රජයට නොමැති බවයි. සමස්ත ජනතාව ණය බරින් සිටින මොහොතක මෙවැනි අසත්‍ය ප්‍රචාර සියලු ජනතාව පීඩාවට පත් කරන බවයි ඔහු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26