spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රාජ්‍ය නිලධාරියෙක් සූර් වෙන්න ගහලා ලේකම් කාර්යාලයේ යකා නටලා

කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ දී රාජකාරී වේලාවේ බීමත්ව අසෝබන ලෙස හැසිරුණු කළමනාකරණ සහකාරවරයෙකු අද (26) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය පවසනවා.

අද (26) දින රාජකාරී වේලාව තුළ බීමත්ව සිට ඇති අදාළ කළමනාකරණ සහකාරවරයා කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ අසෝබන ලෙස හැසිරෙන්නට පටන් ගෙන ඇති බවත්, අදාල කළමනාකරණ සහකාරවරයාගේ මෙම බීමත් අසෝබන හැසිරීම නිසා එම කාර්ය මණ්ඩලයේ සෙසු පිරිස හා සේවා ලබා ගැනීමට එහි පැමිණ සිටි ජනතාව ද අපහසුතාවයට පත්ව තිබූ බව පොලිසිය පවසනවා.

කාර්ය මණ්ඩලයේ සෙසු පිරිස් මෙන්ම සේවා ලාභීන් ද අපහසුතාවයට පත්කරමින් ඔවුන් ඉදිරියේ අසෝබන ලෙස හැසිරුණු මෙම කලමණාකරණ සහකාරවරයා සම්බන්ධයෙන් කැකිරාව ප්‍රාදේශීය ලේකම්වරයා විසින් කැකිරාව පොලිස් ස්ථානයට දැන්වීමට පියවර ගෙන තිබිණා.

කැකිරාව ප්‍රාදේශීය ලේකම්වරයා විසින් සිදු කළ දැනුම් දීම අනුව එහි ගිය කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ රාජකාරී වේලාවේ බීමත්ව අසෝබන ලෙස හැසිරෙමින් සිටි කලමනාකරණ සහකාරවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව පොලිසිය සඳහන් කර සිටියා.

මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇති කළමනාකරණ සහකාරවරයා වයස අවුරුදු 42ක් වන අතර ඔහු කැකිරාව මඩාටුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

රාජකාරි වේලාව තුළ බීමත්ව කාර්යාල පරිශ්‍රය තුළ අසෝබන ලෙස හැසිරීමේ චෝදනාව මත පොලිස් අත්අඩංගුවට ගෙන ඇති එම කළමනාකරණ සහකාරවරයා හෙට (27) දින කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධීකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කැකිරාව පොලිස් ස්ථානාධිපතිගේ උපදෙස් පරිදි කැකිරාව පොලිසිය එම සිද්දිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන සිදු කරනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?