රාජ්‍ය නිලධාරියෙක් සූර් වෙන්න ගහලා ලේකම් කාර්යාලයේ යකා නටලා

කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ දී රාජකාරී වේලාවේ බීමත්ව අසෝබන ලෙස හැසිරුණු කළමනාකරණ සහකාරවරයෙකු අද (26) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය පවසනවා.

අද (26) දින රාජකාරී වේලාව තුළ බීමත්ව සිට ඇති අදාළ කළමනාකරණ සහකාරවරයා කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ අසෝබන ලෙස හැසිරෙන්නට පටන් ගෙන ඇති බවත්, අදාල කළමනාකරණ සහකාරවරයාගේ මෙම බීමත් අසෝබන හැසිරීම නිසා එම කාර්ය මණ්ඩලයේ සෙසු පිරිස හා සේවා ලබා ගැනීමට එහි පැමිණ සිටි ජනතාව ද අපහසුතාවයට පත්ව තිබූ බව පොලිසිය පවසනවා.

කාර්ය මණ්ඩලයේ සෙසු පිරිස් මෙන්ම සේවා ලාභීන් ද අපහසුතාවයට පත්කරමින් ඔවුන් ඉදිරියේ අසෝබන ලෙස හැසිරුණු මෙම කලමණාකරණ සහකාරවරයා සම්බන්ධයෙන් කැකිරාව ප්‍රාදේශීය ලේකම්වරයා විසින් කැකිරාව පොලිස් ස්ථානයට දැන්වීමට පියවර ගෙන තිබිණා.

කැකිරාව ප්‍රාදේශීය ලේකම්වරයා විසින් සිදු කළ දැනුම් දීම අනුව එහි ගිය කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ රාජකාරී වේලාවේ බීමත්ව අසෝබන ලෙස හැසිරෙමින් සිටි කලමනාකරණ සහකාරවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව පොලිසිය සඳහන් කර සිටියා.

මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇති කළමනාකරණ සහකාරවරයා වයස අවුරුදු 42ක් වන අතර ඔහු කැකිරාව මඩාටුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

රාජකාරි වේලාව තුළ බීමත්ව කාර්යාල පරිශ්‍රය තුළ අසෝබන ලෙස හැසිරීමේ චෝදනාව මත පොලිස් අත්අඩංගුවට ගෙන ඇති එම කළමනාකරණ සහකාරවරයා හෙට (27) දින කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධීකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කැකිරාව පොලිස් ස්ථානාධිපතිගේ උපදෙස් පරිදි කැකිරාව පොලිසිය එම සිද්දිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන සිදු කරනු ලබයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14