රාජ්‍ය ද්‍රෝහී වූ පිලිපීන නගරාධිපතිවරියකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

රාජ්‍ය ද්‍රෝහීත්වය කරණකොටගෙන චීනය වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනාවකට ලක් වූ පිලිපීන නගරාධිපතිවරියකට මිනිස් ජාවාරම් චෝදනා මත ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා.

මැනිලා අගනුවරට උතුරින් පිහිටි කුඩා නගරයක නගරාධිපතිනිය ලෙස සේවය කළ ඇලිස් ගුඕ, සිය ගණනක් බලහත්කාරයෙන් වැඩ කිරීමට හෝ වධහිංසා පැමිණවීමේ අවදානමට ලක් කරන ලද චීනය විසින් මෙහෙයවන ලද අන්තර්ජාල සූදු මධ්‍යස්ථානයක් අධීක්ෂණය කිරීමේ වරදට වරදකාරිය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නඩු විභාගයේදී අනාවරණ වී ඇත්තේ 35 හැවිරිදි ඇය පිලිපීන ජාතිකයෙකු නොව, නව යොවුන් වියේදී සංක්‍රමණය වූ චීන පුරවැසියෙකු බවයි.

ඇගේ ඇඟිලි සලකුණු මගින් ඇගේ සැබෑ නම ගුඕ හුවා පිං බවත් ඇය ගිනිකොනදිග චීනයේ ෆුජියන් පළාතේ උපත ලබා ඇති බවත් තහවුරු වී තිබෙනවා.

පසුව ඇයට ධනවත් චීන ව්‍යාපාරිකයන් ගණනාවක් සමඟ සම්බන්ධතා ඇති බවත් ඔවුන්ගෙන් ඇතැමෙකු ඇය සමඟ දැන් ජාවාරම් සහ මුදල් විශුද්ධිකරණය චෝදනාවලට මුහුණ දෙමින් සිටින බව ද වාර්තාවල සඳහන්.

එරට ඉතිහාසයේ මහා පරිමාණ වංචාවක් ලෙස මෙය වාර්තා වී තිබූ අතර ඇයට අයත් බව කියන මධ්‍යස්ථානයක රඳවා සිටි මිනිස් ජාවාරම් සඳහා යොදාගත් පිලිපින ජාතිකයින් ඇතුළු 800 දෙනෙකු වැටලීම්වලදී මුදාගැනීමට ද පිලිපීන ආරක්ෂක අංශ කටයුතු කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40