රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ රථය සමඟ ගැටුණු රියේ ව්‍යාපාරිකයා රිමාන්ඩ්

රිය අනතුරකින් පසු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ රථයට සහ ඔහුගේ ආරක්ෂකයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු එක් සැකකරුවෙක් ජනවාරි 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ඊයේ (29) පස්වරුවේ මාරවිල මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

මෙම සිද්ධියට සම්බන්ධ තවත් සක්කරුවෙන් රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප මත මුදාහැරීමට ද මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කර තිබෙනවා.

මෙලෙස රක්ෂිත බන්ධාගාර ගතකර ඇත්තේ මාරවිල – තල්විල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන අතර ඇප මත මුදාහැර ඇත්තේ එම සැකකරුගේ ඥාතියෙක්.

ඊයේ (29) පෙරවරුවේ මාරවිල – මෝදරවැල්ල ප්‍රදේශයේදී රාජ්‍ය ඇමති සනත් නිශාන්ත ගමන් කරමින් සිටි රථය තවත් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබුණා.

එම අවස්ථාවේ දී සැකකාර ව්‍යාපාරිකයා තම රථයේ තිබූ යකඩ පොල්ලකින් මත්යවරයාගේ රථයට පහර දී ආරක්ෂකයෙකුට පහර දී ඇති බවයි පොලීසියට පැමිණිලි කර ඇත්තේ.

පසුව රාජ්‍ය අමාත්‍යවරයා වෙනත් වාහනයකින් එම ස්ථානයෙන් පිටත්ව ගොස් තිබු බවයි අනාවරණය වුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි ලැබීමෙන් අනතුරුව විමර්ශණ කටයුතු සිදුකළ මාරවිල පොලීසිය සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන මෙලෙස අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53
Video thumbnail
පොලිස්පතිට චීත්තේ අන්දන්න ඕනේ - අනුරගේ නහයත් දැන් දික්වෙනවා
23:35
Video thumbnail
පොහොට්ටුවේ රැළිය ගැන ජනාධිපති සැරටම කිව්ව දේ..
01:17
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර
01:05