රාජ්‍ය ඇමති ගීතාට අලුත් තනතුරක්

ශ්‍රී ලංකා – ඊජිප්තු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිධුරයට කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය තේරී පත්ව තිබෙනවා.

ශ්‍රී ලංකා – ඊජිප්තු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නවවැනි පාර්ලිමේන්තුවට අදාළ නිලධාරී මඩුල්ල තෝරා පත්කර ගැනීමේ රැස්වීම පැවැත්වුණේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙම රැස්වීමට ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති මාගඩ් මෝෂ්ලේ මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් මෙන්ම පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.‍

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මධුර විතානගේ, හෙක්ටර් අප්පුහාමි සහ අරවින්ද කුමාර් යන මහත්වරු මිත්‍රත්ව සංගමයේ උප සභාපතිවරුන් ලෙස පත් වුණා. නි‍යෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ලේකම් ධුරයට පත් කරන ලද අතර, සහකාර ලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු සහ භාණ්ඩාගාරික ලෙස මොහොමඩ් මුසම්මිල් පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා – ඊජිප්තු රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 66ක් සම්පූර්ණ වන අවස්ථාවක දෙරට අතර පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය ස්ථාපිත කිරීමට හැකිවීම පිළිබඳ සතුටුවන බවයි මෙහිදී අදහස් දක්වමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ. මෙම මිත්‍රත්ව සංගමය තුළින් ශ්‍රී ලංකා ඊජිප්තු සබඳතා තවදුරටත් වර්ධනය කිරීමට හැකිවන බව මෙහිදී කථානායකවරයා පෙන්වා දෙනු ලැබුවා.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති මාගඩ් මෝෂ්ලේ මහතා කියාසිටියේ නව පත්වීම් ලැබූ නිලධාරී මණ්ඩලයට සුබ පැතුම් එක් කරන අතර දෙරට අතර විවිධ ක්ෂේත්‍ර ඔස්සේ පවතින සුහදත්වය වර්ධනය කර ගැනීම අපේක්ෂා කරන බවයි.

රැස්වීමේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා – ඊජිප්තු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අභිනව සභාපති, රාජ්‍ය අමාත්‍ය ගරු ගීතා කුමාරසිංහ මහත්මිය මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරය සදහා තමන්ව තෝරා පත් කර ගැනීම පිළිබඳව සිය ස්තූතිය පළ කළා. ඉතා පොහොසත් ඉතිහාසයක්, කලාවක් සහ කර්මාන්ත ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් උරුම රටක් වන ඊජිප්තුව සමග සබඳතා තර කර ගැනීමට තමා අපේක්ෂා කරන බවයි ඇය ප්‍රකාශ කළේ. එසේම දෙරට අතර සබඳතා වර්ධනයට මෙරට ඊජිප්තු තානාපතිවරයා දක්වන කැපවීම ඉතා අගය කරන බවද අභිනව සභාපතිවරිය මෙහිදී සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16