රාජ්‍ය ඇමතිකම් දෙකක් භාරගන්න ලොහාන් බෑ කියයි (වීඩියෝ)

වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කළ ලොහාන් රත්වත්තේ එක් රාජ්‍ය අමාත්‍ය ධුරයකින් ඉල්ලා අස් වී තිබෙනවා.

ඒ, අනුව ඔහු පත්කළ වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් පසුගිය 29 වනදා ඉල්ලා අස් වී ඇති බවයි ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

පසුගිය ජනවාරි 29 වනදා වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දුන්නා.

කෙසේ වෙතත් ඔහු එම දිනයේදී ම වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වී තිබීම විශේෂත්වයක්.

2 1
3