spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රාජ්‍ය ආයතන දැඩි අර්බුදයක

මුදල් නොමැතිවීම හේතුවෙන් අමාත්‍යංශවල, දෙපාර්තමේන්තු හා රජයේ සංස්ථා මණ්ඩලවල කටයුතු කරගෙන යාම බරපතළ ගැටලුවක් වී ඇතැයි වාර්තා වනවා.මේ තත්වය මත එම ආයතනවල අත්‍යවශ්‍ය සේවා පවත්වා ගෙන යාම ද බරපතළ ගැටලුවක් වී තිබෙනවා.

ඇතැම් ආයතනවල එදිනෙදා කටයුතු සඳහා අවශ්‍ය ලිපි ද්‍රව්‍ය සොයා ගැනීම මෙන්ම, අත්‍යවශ්‍ය සේවකයන් සදහා අතිකාල දීමනා ගෙවීම් ආදිය ද බරපතළ ගැටලුවක් වී ඇතැයි ආයතන ප්‍රධානීන් සඳහන් කරනවා. අමාත්‍යංශවල අලුතෙන් ව්‍යාපෘති ආරම්භ කිරීම පමණක් නොව, ආරම්භ කළ ව්‍යාපෘති පවා පවත්වාගෙන යෑමද බරපතළ අර්බුදයක් වී ඇතැයි වාර්තා වනවා.

මේ අතර සෞඛ්‍ය, අධ්‍යාපන, මහාමාර්ග, නිවාස ආදී අමාත්‍යාංශවල කොන්ත්‍රාත්කරුවන් හා සැපයුම්කරුවන් වෙත ගෙවීමට ඇති හිඟ බිල්පත් ප්‍රමාණය කෝටි විසිදහසකට අධික බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?