spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රාජ්‍ය ආයතනවල ශ්‍රම බළකාය හරි අඩකින් අඩුකළ හැකියි බව ඇමති කංචන කියයි

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග ගබඩා පර්යන්තයේ සිටින සේවකයින් 4,200 වෙනුවට ක්‍රියාශීලි සේවකයින් 500 දෙනෙකුගෙන් එම ආයතනවල කාර්යක්ෂමතාව ඇති කළ හැකි බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

සිය ට්විටර් ගිණුමේ සටහන් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇති අතර, 26,000ක් වන ලංකා විදුලිබල මණ්ඩල ශ්‍රම බළකාය හරි අඩක් දක්වා අඩුකළ හැකි බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

බලශක්ති අමාත්‍යවරයා පවසන්නේ අකාර්යක්ෂම සේවකයින්ගෙන් වෘත්තීය සමිති වර්ධනය වන බවයි.

මෙරට රාජ්‍ය ආයතන බොහෝමයක් ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍ය බව ද ඔහු වැඩිදුරටත් පවසන අතර, රාජ්‍ය අංශයේ සේවයේ නිරත බොහෝ සේවකයින් පෞද්ගලික අංශය තුළ සේවය කිරීම හෝ පෞද්ගලික අංශයේ සේවය සඳහා බඳවා ගනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ඔහු සඳහන් කර තිබෙනවා.

මෙරට රාජ්‍ය ආයතන බොහෝමයක් ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍ය බව ද අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
29
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?