රාජ්‍ය ආයතනවල ශ්‍රම බළකාය හරි අඩකින් අඩුකළ හැකියි බව ඇමති කංචන කියයි

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග ගබඩා පර්යන්තයේ සිටින සේවකයින් 4,200 වෙනුවට ක්‍රියාශීලි සේවකයින් 500 දෙනෙකුගෙන් එම ආයතනවල කාර්යක්ෂමතාව ඇති කළ හැකි බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

සිය ට්විටර් ගිණුමේ සටහන් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇති අතර, 26,000ක් වන ලංකා විදුලිබල මණ්ඩල ශ්‍රම බළකාය හරි අඩක් දක්වා අඩුකළ හැකි බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

බලශක්ති අමාත්‍යවරයා පවසන්නේ අකාර්යක්ෂම සේවකයින්ගෙන් වෘත්තීය සමිති වර්ධනය වන බවයි.

මෙරට රාජ්‍ය ආයතන බොහෝමයක් ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍ය බව ද ඔහු වැඩිදුරටත් පවසන අතර, රාජ්‍ය අංශයේ සේවයේ නිරත බොහෝ සේවකයින් පෞද්ගලික අංශය තුළ සේවය කිරීම හෝ පෞද්ගලික අංශයේ සේවය සඳහා බඳවා ගනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ඔහු සඳහන් කර තිබෙනවා.

මෙරට රාජ්‍ය ආයතන බොහෝමයක් ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍ය බව ද අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

  1. Munma thamai visrama yanna inna wayasa wadi karanne ..wayasata 55 passe 50% mokak hari rogi thatwayak thiyena aya…eyalata anith aya wage wada karanne ne..boho welawata nikanma inne…leddungen wada ganna bene



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25