නවසීලන්ත හිටපු නායක රොස් ටේලර් පසුගිය දා ඔහුගේ ස්වයං චරිතාපදානය “රොස් ටේලර් – බ්ලැක් ඇන්ඩ් වයිට්” නිකුත් කළේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සිදුවූ ආන්දෝලනාත්මක සිදුවීම් රැසක් පළමුවරට ලෝකයට හෙළිකරමින්.
නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ වසර 16ක ක්‍රිකට් දිවිය තුළ තමා ජාතිවාදයට මුහුණ දුන් බව ටේලර් සිය ස්වයං චරිතාපදානය මඟින් දක්වා ඇති අතර එය ඔහුගේ ස්වයං චරිතාපදානයේ සිරස්තලය බවට පත් වුණා.
සැමෝවා උරුමයක් වන ටේලර්, නවසීලන්ත කණ්ඩායමේ ඇතැම් නිලධාරීන්ගේ ජාතිවාදී කෙනෙහිලිකම් සහ අනියම් ලෙස දැක්වූ වර්ගවාදී අදහස් මෙම චරිතාපදානයෙන් විස්තර කර තිබෙනවා.
එමෙන්ම ටේලර් මෙම කෘතිය මඟින් ඉන්දීය ප්‍රිමියර් ලීගය තුළ ඔහුට මුහුණදීමට සිදුවූ ඉතා අමිහිරි සිදුවීමක් සම්බන්ධයෙන් අනාවරණයක් සිදුකර ඇති අතර මේ වන විට එය බොහෝ දෙනෙකු අතර කතාබහට ලක්ව ඇති මාතෘකාවක්ව අවසන්.
ටේලර්, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමඟ ගතකළ කාලය සම්බන්ධයෙන් ඔහු මෙම හෙළිදරව්ව සිදුකර ඇති අතර, එහිදී ඔහු පවසන්නේ රාජස්ථාන් කණ්ඩායමේ රෝයල්ස් හිමිකරුවෙකු විසින් වරක් තමාගේ කම්මුලට පහරවල් කිහිපයක් එල්ල කළ බවයි.
2011 වසරේ දී ඔහු රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමඟ ගිවිසුම් ගත වූ අතර, එහිදී කිංග්ස් ඉලෙවන් පන්ජාබ් (දැන් පන්ජාබ් කිංග්ස්) සමඟ පැවති තරඟයකදී ලකුණු බිංදුවට දැවියාමෙන් අනතුරුව තමන් මෙම සිදුවීමට මුහුණ පෑ බව ඔහු පවසා තිබෙනවා.
එම සිදුවීම ටේලර් විසින් ඔහුගේ ස්වයං චරිතාපදානයට මෙලෙස එක්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
“රාජස්ථාන් සහ කිංග්ස් ඉලවන් පන්ජාබ් ක්‍රීඩා කළේ මොහාලිහිදීය. ලුහුබැඳීමට ලකණු 195 ඉලක්කය තිබුණා, මම එහිදී ලකුණු බිංදුවකට දැවී ගියේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින්. ජයග්‍රහණය සඳහා අපිට ලංවෙන්න බැරි වුණා. තරගයෙන් පසුව කණ්ඩායම, සහායක කාර්ය මණ්ඩලය සහ කළමනාකාරීත්වය හෝටලයේ ඉහළ මහලේ ඇති බාර් එකේ සිටියා. මම වෝනි (ෂේන් වෝන්) සමඟ එහි සිටියා. එහිදී රාජස්ථාන් රෝයල්ස් හිමිකරුවෙක් විසින් ‘රොස්, අපි ඔබට තාරාවෙකු ලබා ගැනීමට (බිංදුවට දැවීයාමට) ඩොලර් මිලියනයක් දුන්නේ නැහැ’ යනුවෙන් ප්‍රකාශ කර මගේ මුහුණට තුන් හතර වතාවක් පහර දුන්නා”














We know right from 1970s that CRICKET is not a BED OF ROSES. CRICKET is a game which has hassles, harassments. That is money is all about. You play for money and owners play for more bigger money & good reputation. So are SLAPS on your face. Money is talking when money is being chased.🇱🇰👨🎓