spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රාජස්ථාන් රෝයල්ස් රාජකීය වන්නම…

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන සිය කණ්ඩායම හදුන්වා දීම වෙනුවෙන් අපූර්ව වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කටයුතු කර තිබෙනවා.

හින්දි ගීතයකට අදාළ නර්තනයක් සදහා ක්‍රීඩකයින්ගේ මුහුණු ආදේශ කරමින් මෙම වීඩියෝව නිර්මාණය කර ඇති අතර, එම කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂ කුමාර් සංගක්කාරගේ මුහුණ ද එම වීඩියෝවට ඇතුළත්.

මෙවර අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසිය නිමා වන විට රාජස්ථාන් කණ්ඩායම ක්‍රීඩකයින් 24 දෙනෙකුගෙන් යුත් සංචිතයක් සකස් කර ගැනීමට සමත් වුණා.

ඊට විදෙස් ක්‍රීඩකයින් 8 දෙනෙකු ඇතුළත්.

ක්‍රීඩක වෙන්දේසියේ දී ඔවුන් R. Ashwin, Devdutt Padikkal, Prasidh Krishna, Yuzvendra Chahal, Riyan Parag, K.C Cariappa, Navdeep Saini, Kuldeep Sen, Karun Nair, Dhruv Jurel, Tejas Baroka, Kuldip Yadav, Shubham Garhwal, Anunay Singh යන ඉන්දීය ක්‍රීඩකයින් මිලදී ගත්තා.

එමෙන්ම Trent Boult, Shimron Hetmyer, James Neesham, Nathan Coulter-Nile, Rassie Van Der Dussen, Daryl Mitchell හා Obed Mccoy යන විදෙස් ක්‍රීඩකයින් ද මිලදී ගැනීමට රාජස්ථාන් කණ්ඩායම සමත් වුණා.

ක්‍රීඩක වෙන්දේසියට පෙර එම කණ්ඩායම විසින් සංජු සැම්සන් ඉන්දීය රුපියල් කෝටි 14කටත්, ජොස් බට්ලර් ඉන්දීය රුපියල් කෝටි 10කටත්, යශස්වි ජයිස්වාල් ඉන්දීය රුපියල් කෝටි 4කටත් සිය කණ්ඩායමේ රදවා ගැනීමට ද කටයුතු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?