රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට තරග පාවාදීමේ චෝදනා

මෙවර අයි.පී.එල් තරගාවලියේ දී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට තරග පාවාදීමේ චෝදනා එල්ල වී තිබෙනවා.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අවසන් වරට සහභාගී වූ තරගයේ දී ඔවුන්ට මෙම තරග පාවාදීමේ චෝදනා එල්ල වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය 19 වනදා ජායිපූර් හිදී ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමඟ පැවති එම තරගය ලකුණු දෙකකින්, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පරාජයට පත්වුණා.

මෙම තරගයෙන් තියුණු පරාජයකට මුහුණදීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට සිදුවීමත් සමඟ, රාජස්ථාන් ක්‍රිකට් සංගමයේ තාවකාලික කමිටුවේ කැඳවුම්කරු ජයිදීප් බිහානි විසින් මෙම චෝදනාව එල්ල කර තිබෙනවා.

News18 Rajasthan සමඟ ජයිදීප් බිහානි සිදුකළ සංවාදයකදී ඔහු පවසන්නේ අවසන් ඕවරයේ දී ලක්නව් කණ්ඩායමට එරෙහිව රාජස්ථාන් කණ්ඩායම පරාජයවීම පිටුපස තරග පාවාදීමක් ඇති බවයි.

මෙම තරගයේ දී ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළ ලකුණු 180ක් ලබාගත් අතර ලකුණු 181ක ඉලක්කයක් හඹා ගිය රාජස්ථාන් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 178ක් පමණයි.

රාජස්ථාන් ඉනිමේ අවසන් පන්දුවාර තුළ ලකුණු 09ක් ජයග්‍රහණය සදහා අවශ්‍යව තිබූ අතර, අවේෂ් ඛාන් විසින් යැවූ එම පන්දුවාර තුළ ඔවුන්ට රැස්කර ගත හැකි වූයේ ලකුණු 06ක් පමණයි.

මෙවර තරගාවලියේ දී රාජස්ථාන් කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ ක්‍රීඩා කරන අතර එහි ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙස කුමාර් සංගක්කාර කටයුතු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57
Video thumbnail
අකුණු සන්නායකයක් නැතුව ඔයා එළියට බහින්න එපා - චාමර සම්පත් වසන්තට සැරටම දෙයි
10:40
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ ගුවන්තොටුපළෙන් එළියට එද්දි සහ අත්අඩංගුවට ගද්දි හිටපු හැටි
00:50
Video thumbnail
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
00:53
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්.. හාම්දුරුවනේ ඕක ඇඳගන්න
00:42
Video thumbnail
නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:33
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු එකින් එක රාජිත හෙළිකරයි - අද නිදහස් සෞඛ්‍ය‍ය සේවයක් නෑ
12:48
Video thumbnail
මහා සංඝරත්නය ඥානසාර හිමිව අල්ලගනී - වැඩිකල් නෑ මේ ආණ්ඩුවට
03:31
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27