රාජස්ථාන් කොල්කටාවරුන් අබියස පරදියි

ඉන්දීය ප්‍රීමියර් ලීගයේ ඊයේ (26) පැවති සයවැනි තරගය ජය ගන්නට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ කොල්කටාවරුන් පළමු ව පන්දුවට පහරදීමට රාජස්ථාන් රෝයල්ස් වෙත ඇරයුම් කළා.

තරගය පැවැත්වුණේ ගුවහටි හි දියි.

පළමු ව පන්දුවට පහර දුන් රාජස්ථාන්වරුන් සිය පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 09ක් දැවී ලකුණු 151ක් ලබා ගත්තා.

Dhruv Jurel ලකුණු 33ක් ලබාගත් අතර යශස්වි ජයිස්වාල් ලකුණු 29ක් සහ පරාග් ලකුණු 25ක් ලබා ගැනීමට සමත් වුණා.

කඩුලු බිඳ දැමීමේ දී වෛභාව් අරෝරා, වරුන් චක්‍රවර්තී, මොඑන් අලී සහ හර්ෂිත රානා කඩුලු දෙක බැගින් බිඳ දැමූ අතර එක් කඩුල්ලක් අයිතිය ස්පෙන්සර් ජොන්සන් හට හිමි වුණා.

ජයග්‍රහණයට ලකුණු 152ක ඉලක්කයක් හඹා ගිය කොල්කටාවරුන් පන්දුවාර 17කුත් පන්දු 03ක් අවසානයේ කඩුලු 08කින් තරගය ජයගත්තේ ක්වින්ටන් ඩී කොක්ගෙන් නොදැවුණු ලකුණු 97ක් ද වාර්තා කරගනිමින්.

රගුවන්ෂි නොදැවී ලකුණු 22ක් ලබාගත්තා.

ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග රාජස්ථාන්වරුන් වෙනුවෙන් ක්‍රීඩා කරන අතර ඔහු පමණක් ඊයේ දිනයේ දී එක් කඩුල්ලක් කොල්කටාවරුන්ගෙන් උදුරාගත්තා.

ඒ අනුව තරගයේ වීරයා සම්මානය කොල්කටා කණ්ඩායමේ ක්වින්ටන් ඩී කොක් විසින් දිනාගනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23
Video thumbnail
රාජපක්ෂලාට ග#න්න ග#න්න මිනිස්සු එකතු වෙනවා..මහජන පෙළඹීමක් හැදුවා ආණ්ඩුව
01:58
Video thumbnail
නාමල් සර්ට කරපු අසාධාරණයට මහ ජනතාව කැලඹිලා - බස්වල ගේන්න බැරි තරම් සෙනඟ එන්න අහනවා
01:11
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29