spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රාජස්ථානයේ සුපිරි පිතිකරුවා IPL තරගාවලිය හැර යයි

මෙවර ඉදිරිය ප්‍රිමියර් ලීග් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියෝජන කරන බරහිර ඉන්දීය කොදෙව් පිතිකරු ෂිම්රොන් හෙට්මයර් රාජස්ථාන් කණ්ඩායමෙන් පිටව ගොස් තිබෙනවා.

සිය පළමු දරුවාගේ උපත වෙනුවෙන් ඔහු ගයනා වෙත ආපසු යාමට පිටත්ව ගොස් ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

25 හැවිරිදි ෂිම්රොන් හෙට්මයර් පැවසුවේ “මගේ දේවල් තවමත් කාමරයේ ඉතිරිව තිබෙනවා,” IPL හි ඉතිරි තරඟ නැරඹීම සඳහා ඔහු නැවත ඉන්දියාවට පැමිණෙන බවයි.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානයේ පසුවන අතර මැයි 24 වනදා ආරම්භවීමට නියමිත ප්ලේඕෆ් තරඟවලට පෙර එහි වඩා හොඳ ස්ථානායක කණ්ඩායම රඳවා ගැනීම ඔවුන්ගේ මූලික අරමුණ වනවා.

රාජස්ථාන් කළමනාකාරීත්වය පවසන්නේ හෙට්මයර් කණ්ඩායමෙන් ඉවතට යාම සිය කණ්ඩායමට විශාල පාඩුවක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?