රාජපක්ෂ මහත්වරුන්ට මම දුන්නේ මෙහෙම ප්‍රශ්න නැති රටක්…

තමාගේ ධූරකාලයේ දී මේ ප්‍රශ්න කිසිවක් රටතුල නොතිබුන බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටිනවා.ඔහු මේ බව කියා සිටියේ ඊයේ පොලොන්නරුවේ පැවති මැයි දින රැලියක දීය.

තමාගෙන් පසුව රාජපක්ෂ පවුලේ දේශපාලකයින් භාරගත්තේ ඉතා හොඳ රටක් බව මෛත්‍රීපාල සිරිසේන කියා සිටියා.

“මම ජනාධිපති ධූරය, මාස එකහමාරයි අඩු අවුරුදු 5ට. ඒ තනතුරේ සිටින කාලයේ අද මේ තියෙන ප්‍රශ්න කිසි ම දෙයක් මේ රටේ තිබුණේ නැහැ. රාජපක්ෂ මහත්වරු භාර ගත්තේ ඉතාමත් ම හොඳ රටක්. “

ඔහු කියා සිටියේ, මේ වන විට රට ඛේදවාචකයකට මුහුණ දී සිටින බව සහ තම බලාපොරොත්තුව නව ආණ්ඩුවක් පිහිටුවීම බව සිරිසේන මහතා එහිදී වැඩිදුරට ත් පැවසීය.