පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රාජගිරිය – වැලිකඩ පොලිසිය අසල ඉදිකිරීමෙන් පැවති තොරණ කඩා වැටී තිබෙනවා.
අද (21) අලුයම් කාලයේ හමා ගිය අධික සුළඟක් හේතුවෙන් මෙම තොරණ මෙලෙස කඩා වැටී ඇති බවයි වාර්තා වුණේ.
මේ අතර ගම්පහ නගරයේ ඉදිවෙමින් පැවති තොරණ ද ඊයේ (20) පස්වරුවේ හමා ගිය සුළඟකින් කඩා වැටී තිබුණා.
එමෙන්ම කොම්පඤ්ඤ වීදියේ ඉදිවෙමින් පැවති තොරණ ද ඊයේ කඩා වැටීමකට ලක් වුණේ පැවති අධික වර්ෂාව සදහා සුළං තත්ත්වය හේතුවෙන්.













