spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රාජකාරී වැඩවල දී මුද්දර ගැසීම අහෝසි කළ යුතුයි – අගමැති

රාජකාරීමය කටයුතුවලදී මුද්දර ගැසීමේ ක්‍රියාදාමය අහෝසි කළ යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

අග්‍රාමාත්‍යවරයා පවසන්නේ මුද්දර භාවිතය යවත්කාලීන විය යුතු බවයි.

අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ 2024 ජාතික වැඩසටහන ආරම්භ කිරීමට එක්වෙමින් මහරගම ප්‍රදේශයේ දී ඊයේ (21) අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,

“මෙතන ඉන්න අම්මලා දන්නවා එදා අපි ලියුමක් තැපැල් කළේ කීයේ මුද්දරයක් ගහලද. අපි ඒ කාලේ තැපැල් කරේ සත දහයෙ මුද්දරෙන්. අද කොච්චර වටිනාකම වැඩිවෙලාද කියලා බැලුවොත් අද ලියුමක් යවන්න රුපියල් දහයක විස්සක මුද්දරයක් ගහන්න ඕනේ. අත්සනක් ගහන්න ගියත් කීයේ මුද්දරයක්ද ගහන්න ඕනේ. මම හිතනවා මේ මුද්දර ගැහිල්ල අහෝසි කරන්න ඕන කාලය ඇවිල්ලා කියලා. හැම කෙනාටම හැදුනුමපතක් තිබෙනවා. මොකටද මුද්දර ගහන්නේ. මේ අඩුපාඩුකම් නිවැරදි කරගෙන ඉදිරියට යා යුතුයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?