රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සැරයන්වරයෙක් දිවි නසාගනී

තංගල්ල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඉදිරිපිටදී පොලිස් නිලධාරියෙක් සියදිවි නසාගෙන ඇති බව වාර්තා වනවා.

ඔහු සිය රාජකාරී ගිනිඅවියෙන් වෙඩිතබා ගෙන මෙලෙස සියදිවි හානිකර ගෙන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ

මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ තංගල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයෙක් බවයි වාර්තා වන්නේ.

ඔහු වීරකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.