රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියා අනතුරට පත්කළ කාර් රථය (VIDEO)

අද පෙරවරුවේ වත්තල මංසන්දියේ රාජකාරියේ යෙදී සිටියදී මෝටර් රථයක ගැටීමෙන් රථවාහන පොලිසියේ නිලධාරියෙකු තුවාල ලබා තිබෙනවා.

පොලිස් නිලධාරියාගේ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වෙමින් තිබු කාර් රථය, රාජකාරියේ යෙදී සිටි නිලධාරියාගේ සිරුරේ ගැටිමෙන් අනතුරුව එය නොනවත්වා ධාවනය වන අයුරු CCTV වීඩියෝවේ දැක්වෙනවා.

තුවාල ලැබූ නිලධාරියා වෙනත් පොලිස් නිලධාරීන්ගේ සහ එම ස්ථානයේ සිටි පුද්ගලයින්ගේ සහාය ඇතිව රෝහල් ගත කර තිබේ. අනතුරින් නිලධාරියාට සුළු තුවාල සිදුවී ඇති බව පොලිසිය වාර්තා කර සිටින්නේ.

වත්තල පොලිසිය විසින් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වාහනයද භාරයට ගෙන තිබෙනවා.

මේ අතර, අද අලුයම 06 ට අවසන් වන ගතවූ පැය 24ක කාලය තුළ මාර්ග අනතුරු හේතුවෙන් මරණ 11 ක් වාර්තා වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ ඊයේ (21) දිනයේදී ද රිය අනතුරු හේතුවෙන් මරණ 08ක් සිදුව ඇති බවයි.

දිනකට සිදුවන අනතුරු හේතුවෙන් මරණ 11ක් වන දෛනිකව වාර්තා වන පසුබිමක ඉදිරියේදී රිය අනතුරු නිසා මරණ වාර්තා වීමේ අගය ඉහළ යාමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25