spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රාජකාරියට එන්න තෙල් නෑ, සේවාවන් අඩාල විය හැකියි – දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය

පෞද්ගලික වාහනවල සේවයට වාර්තා කිරීමට දුම්රිය සේවකයින්ට ඉන්ධන නොමැතිවීම හේතුවෙන් අද (04) දිනය තුළ සිය සේවාවන් අඩාල විය හැකි බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය දන්වා සිටිනවා.

එමෙන්ම අද (04) දිනයේ සියලුම දුම්රිය ධාවනය කිරීමට ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවතින බවයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ අතර ලංකා අයි.ඕ.සී සමාගමේ ඉන්ධන බෙදා හැරීමේ කටයුතු තවදුරටත් පුළුල් කර තිබෙනවා.

ඒ අනුව ඊයේ (03) ඉන්ධන ලීටර් මිලියනයක් නිකුත් කළ බවයි එම සමාගම සඳහන් කළේ.

අද (04) දිනයේ දී පෞද්ගලික ටැංකි රථ 100ක් පමණ දිවයින පුරා බෙදාහැරීම් සිදුකිරීමට නියමිත බව පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?