රාගම කොවිඩ් සිරුරු කොරිඩෝවේ

සමස්ත ජනගහනයෙන් මිලියනයකට වාර්තාවන දෛනික කොවිඩ් මරණ අනුපාතයෙන් ශ්‍රී ලංකාව, දකුණු ආසියානු කලාපයේ පළමු ස්ථානයට පත්ව තිබේ.

මෙරට දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව සමස්ත ජනගහනයෙන් මිලියනයකට කොපමණද යන අනුපාතය සැලකීමේදී මේ වනවිට දකුණු ආසියානු කලාපයේ රටවල් 8 අතරින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටී.

ඒ, ජනගහනයෙන් මිලියනයකට වාර්තා වන කොවිඩ් මරණ අනුපාතය 9 ක් වැනි ඉහළ අගයක් ගැනීම හේතුවෙනි.

එම අනුපාතයට අනුව බංග්ලාදේශය, නේපාලය, ඉන්දියාව, පාකිස්ථානය, ඇෆ්ගනිස්තානය යන රටවල් පිළිවෙලින් එම ලැයිස්තුවේ දෙවන, තුන්වන, සිව්වන, පස්වන හා හයවන ස්ථානවල පසුවෙයි.

මාලදිවයිනෙන් අවසන් දින 19 ක කාලය තුළ කොවිඩ් මරණ වාර්තා වී නොමැති බව සඳහන් වෙයි.

භූතානයේ කොවිඩ් ව්‍යාප්තිය ආරම්භයේ සිට මේ දක්වාම සිදුව ඇත්තේ මරණ 3ක් පමණි.

මීට පෙර ශ්‍රී ලංකාව මෙම ලැයිස්තුවේ සිව්වන ස්ථානයේ පසුවුණත් පසුගිය දින 10ක පමණ කාලය තුළ දෛනික මරණවල සීඝ්‍ර වර්ධනයත් සමග ලැයිස්තුවේ පළමු ස්ථානයට පැමිණ ඇති බව පෙනී යයි.

මේ අතර, දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහළයාමත් සමග කොළඹ අධිකරණ වෛද්‍ය මෘත ශරීරාගාරයේ දැඩි තදබදයක් මේ දිනවල දක්නට ලැබේ.

රාගම ශික්ෂණ රෝහලේ අංක 26 කොවිඩ් වාට්ටුවේ එළිමහන් කොරිඩෝවේ කොවිඩ් මෘතදේහ කිහිපයක් තබා ඇති අයුරු දක්නට ලැබුණි.

එමෙන්ම නිවසේදී මියගිය කොවිඩ් ආසාදිත වයෝවෘද්ධ කාන්තාවක් රාගම රෝහල වෙත රැගෙනවිත් කොරිඩෝවේ තැබීමට සේවකයින්ට සිදුවී තිබේ.

වැලිසර ප්‍රදේශයේ ඇති වැඩිහිටි නිවාසයක මියගිය තවත් වයෝවෘද්ධ කාන්තාවක්ද ජීවිතක්ෂයට පත්වී රාගම රෝහලට රැගෙනවිත් තිබුණි.

එමෙන්ම කොවිඩ් ආසාදිතව සිට මිනුවන්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබා අද (20) නිවසට රැගෙනගිය 86 හැවිරිදි පුද්ගලයෙකුද නිවසට පැමිණ පැයක පමණ කාලයක් තුළදී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා විය.

මේ අතර, කළුතර දිස්ත්‍රික්කයේ ඊයේ දිනය තුළ කොවිඩ් මරණ 40 ක් වාර්තා වී ඇතැයි කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය.

මේ අතර, දෙහිවල, හෝමාගම, මහරගම, කොට්ටාව හා කෝට්ටේ යන ප්‍රදේශවලින් වාර්තාවූ කොවිඩ් ආසාදිතයින් පිරිසක් ඊයේ උදෑසන 11 සිට රාත්‍රි 11 දක්වා පැය 12ක කාලයක් කොළඹ නගරයේ තැනින් තැනට රැගෙන ගොස් අපහසුතාවට පත්වූ සිදුවීමක් එහි සිටි ආසාදිත පුද්ගලයෙකු මාධ්‍ය වෙත අනාවරණය කර තිබුණි.

මේ අතර බගවන්තලාව ආරියපුර ප්‍රදේශයේ උත්සව ශාලාවක 100ක පමණ පිරිසක් සහභාගි කරගනිමින් පැවැත්වීමට සූදානම් වූ විවාහ මංගල උත්සවයක් අත්හිටුවීමට බගවන්තලාව පොලිස් නිලධාරීන් හා සෞඛ්‍ය අංශ පියවර ගත්තේය.

ඒ, විවාහ ලියාපදිංචිය සඳහා පමණක් බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් අවසර ලබාගෙන තිබූණද ඊට පටහැනිව විශාල පිරිසක් සහභාගි කරගැනීමට කටයුතු කිරීම හේතුවෙනි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනතාව වෙනුවෙන් මන් මැ#න්නත් බය නෑ - චාමරට යකා ආවේශ වෙයි
16:11
Video thumbnail
බලාගෙන හිටියා වජිරයට කොහොමද දඩුවම් කරන්නේ කියලා. ලබන සිංහල අවුරුද්දට කලින් මේ ආණ්ඩුව ඉවරයි..
00:20
Video thumbnail
වජිර කතාව පටන්ගන්න යද්දී එකපාරටම පිරිසක් වේදිකාවට ගොඩවෙයි
04:04
Video thumbnail
බුලත් අත සම්පූර්ණ වෙන්නේ දුම්කොල තිබ්බොත්.. දැන් දුම්කොලත් අල්ලනවා ඉවරයි ඉවරයි සංස්කෘතිය ඉවරයි..
00:18
Video thumbnail
හොඳට හිතේ තියාගන්න.. ලියලා තියාගන්න.. එළවනවා එළවනවාමයි...
00:11
Video thumbnail
ලපයි සිපයි JVPකාරයොන්ට බය නෑ - මගේ බල්ලව විතරයි තාම අල්ලස් එකට ගෙනාවේ නැත්තේ
07:15
Video thumbnail
වජිරගේ කතාව මැද පිරිසක් බෝඩ් උස්සගෙන වේදිකාවට ආපු පිරිසක් නිසා වෙච්ච දේ..
00:11
Video thumbnail
ලංකාවේ කොහෙන් ඉල්ලුවත් එකෙන්ම දිනනවා කියලා පම්පොරි ගහපු චාමරගේ කතාව..
00:10
Video thumbnail
"නයි, මුගටි ඔක්කොම එකතු කරගෙන මිසක් මේ ආණ්ඩුව එළවන්න බෑ"
00:20
Video thumbnail
මක්කෙලා හු#කෙලා කියලා හැමදාම කෙ#ලා අරිනවා
05:00