රෆා දේශසීමාවෙන් 400 කට වැඩි පිරිසක් ගාසා තීරයෙන් පිටවේ

සති තුනකට වැඩි කාලයකින් පසු පළමු වතාවට ඊජිප්තුව රෆා දේශසීමා මාර්ගය සිවිල් වැසියන්ට විවෘත වීමත් සමඟ 400 කට වැඩි පිරිසක් ගාසා තීරයෙන් පිටව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදේශ ගමන් බලපත්‍ර හිමියන් 335 දෙනෙකු සහ තුවාල ලැබූ ගාසා වැසියන් 76 දෙනෙකු මේ වන විට ගසා තීරණයෙන් මෙලෙස පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

නිලධාරීන්ට අනුව, මෙලෙස පිටව ගිය අය අතර, බ්‍රිතාන්‍ය සහ එක්සත් ජනපද විදේශ ගමන් බලපත්‍ර හිමියන් ද වන බව සඳහන්.

මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ ගාසා තීරයේ ජබාලියා සරණාගත කඳවුරට ඊශ්‍රායල ප්‍රහාර එල්ල කිරීම “යුද අපරාධවලට තුඩු දිය හැකි අසමාන ප්‍රහාර” විය හැකි බවයි.

විදෙස් වාර්තා සඳහන් කළේ ජබාලියා ප්‍රහාරවලින් පුද්ගලයින් 195ක් ජීවිතක්ෂයට පත්ව තවත් 120ක් අතුරුදන්ව ඇති බවයි.

පසුගිය ඔක්තෝබර් 07 වැනිදා සිට ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පලස්තීනුවන් 8,805ක් පමණ මේ වනවිට මිය ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා.

එමෙන්ම මෙලෙස මියගිය පිරිස අතර ළමුන් 3,500 කට වැඩි ප්‍රමාණයක් සිටින බවට එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සිය පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06
Video thumbnail
පොලිස් නිශ්කර්ෂණ සේවයේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තුවක් - මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
04:32
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ..
00:39