රහස් තොරතුරු අන්තර්ජාලයට දැමූ තරුණයා අත්අඩංගුවට

රහස්‍ය දත්ත රැසක් අන්තර්ජාලයට මුදා හැර ලෝකය හමුවේ අමෙරිකාව අපහසුතාවට පත් කළ සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 21 හැවිරිදි වියේ පසුවන අමෙරිකානු ගුවන් හමුදාවේ ජාතික ආරක්ෂක බලකායේ සාමාජිකයෙක්.

එෆ් බී අයි නිලධාරීන් විසින් බොස්ටන් හිදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රජයේ රහසිගත ආරක්ෂක තොරතුරු සම්ප්‍රේෂණය කිරීම අපරාධයක් බවට පත්කර ඇති ඔත්තු බැලීමේ පනත යටතේ ඔහුට එරෙහිව නඩු පවරන බව අමෙරිකානු බලධාරීන් සඳහන් කර තිබෙනවා.

පසුගියදා අන්තර්ජාලයට මුදාහැර තිබූ එම රහස්‍ය දත්ත හරහා අමෙරිකාවේ මිත්‍රපාර්ශවීය රටවල මෙන්ම ප්‍රතිවිරුද්ධ මතධාරී රටවල යුද උපක්‍රම ඇතුළු රහස්‍ය තොරතුරු රැසක් අනාවරණ වුණා.

ඔහු විසින් අනාවරණ කරන ලද ලේඛන මගින් යුක්රේනයේ යුද්ධය සහ එක්සත් ජනපදය මිත්‍ර පාක්ෂිකයින් පිලිබඳ ඔත්තු බැලීම පිලිබඳ බුද්ධි තොරතුරු ද හෙළිවී ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18