රස ජෑම් බෝතලෙන් මතුවුණු තඩි පණුවා (වීඩියෝ)

මෙරට ප්‍රමුඛ පෙළේ සමාගමක් විසින් නිෂ්පාදනය කරන ජෑම් බෝතලයක් තුළ තිබී ජීවී පණුවකු හමුවීමේ සිදුවීමක් වාර්තා විය.

මෙම අමිහිරි අත්දැකීමට මුහුණ දී ඇත්තේ වාද්දූව ප්‍රදේශයේ පදිංචි ධම්මික සංජීව අබේසුන්දර මහතා සහ ඔහුගේ පුත්‍රයාය.

ධම්මික මහතා පසුගිය දිනෙක වාද්දූව ප්‍රදේශයේ සුප්‍රසිද්ධ සුපිරි වෙළෙදසැලකින් සිය දරුවාට ජෑම් බෝතලයක් මිලදී ගෙන තිබේ.

ඔහුගේ පුතු විසින් ජෑම් ආහාරයට ගැනීමට සූදානම්වීමේදී ජෑම් බෝතල තුළ සිටි ජීවී පණුවකු දැක තිබේ.

මේ සම්බන්ධයෙන් අදාළ සමාගමේ පාරිභෝගික අංශ දැනුවත් කර ඇති අතර, මේ වන විට දින 10ක් පමණ ගතවී ඇතත් ආයතනය පාර්ශවයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැති බව ඔහු පෙන්වා දෙයි.

මෙහි ඇති සුවිශේෂීත්වය නම් සිද්ධියට මුහුණ දුන් ධම්මික මහතා ආහාරවල සුරක්ෂිතතාව සම්බන්ධ උපදේශකවරයකු වීමයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ධම්මික සංජීව අබේසුන්දර මහතා වැඩිදුරටත් අප වෙත අදහස් දැක්වුයේ මෙලෙසින්…

https://youtu.be/fI0seGNKsCg
  1. ප්‍රශ්නගත ජෑම් වර්ගය කුමක්දැයි වසන් කරමින් කරණ මෙවැනි ප්‍රචාරණ වලින් පලක් නැත. එක්කෝ සියළුම ජෑම් වර්ග ගැන සැක ඇතිවේ. නැතිනම් අදාළ ජෑම් වර්ගය වෙනත් පාරිභෝගිකයින් පරිහරණය කරයි. ඉතිං ඇති ඵලය කුමක්ද ?

  2. ජෑම් හදපු උන් අමතක වීමෙන් එක පනුවෙකු පමනක් දමා තිබෙන බව වෙටහී යනවා. සාමාන්ය යෙන් පනුවන් ගොඩක් තිබීම එම් ඩී M D වර්ගයෙ නිශ්පාදිත එවාය / මෙක වැරදීමෙන් එක පනුවෙකු යනුවෙන් කියා තිබෙන්නෙ ඒම සමාගම ආරක්ශා කරන්නට වෙන්න ඕනෙ / M D



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46