රසිකයෝ පියුමි හංසමාලිට ආදරේ කරන හේතුව ප්‍රසිද්ධියේ හෙලි කරයි

ඇය සමාජ මාධ්‍යයේ පෙරැළිකාර ආන්දෝලනාත්මක චරිතයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඇය පළ කරන පිංතූර ෆෝස්ට්වලට රසිකයන්ගේ ඇත්තේ උණුසුම් ප්‍රතිචාරයකි. අද වන විට ඇයගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ මිලියන 1.5 ක රසිකයන් පිරිසකුත් TikTok (ටික්ටොක්) වලදී ලක්ෂ 8ක රසික පිරිසකුත් එක්වී සිටිති.

ඇය පසුගිය දිනවල වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලොකු ඉල්ලීමක් තමන්ගේ මුහුණු පොත ඔස්සේ ඉදිරිපත් කර තිබුණි. මේ ඉල්ලීම මොකක්ද? මේ ඉල්ලීම සිදු කරන්න හේතු වුණේ ඇයි? ඇය මන්ත්‍රීවරු ඇමැතිවරු සමග සබඳතා පවත්වනවාද? කලා ක්ෂේත්‍රයේ දී විවිධ ලිංගික අල්ලස් දෙන්න වෙනවාද? මේ ආදී කාරණා පිළිබඳව ඇයගෙන් දැනගන්නට අපට සිත්වුණි.  

ඇය මෙරට ප්‍රසිද්ධ චරිතයක් වන පියුමි හංසමාලිය. හැමවිටම ආන්දෝලනාත්මක පුවත් මවන පියුමි සමග කළ කතාබහක සටහනකි මේ.  


● ඇත්තටම පියුමි ඔයාට මෙතරම් රසික පිරිසක් ආදරේ කරන්නේ ඇයි කියල ද හිතන්නේ?  

මම හිතන්නේ කෙළින් කතා කරන විවෘතව කතා කරන කෙනෙක් හින්දා බොහෝ දෙනා මට ආදරය කරනවා ඇති. මට බණින අයත් මගේ දේවල් ෆලෝ කරනවා. මාව මිලියන ගණන් රසිකයන් ආදරයෙන් පිළිගෙන තිබීම ගැන මට සතුටක් තිබෙන්නේ. ඒකට මම ආසයි. මා හිතන්නේ ජැකැලීන්ට පස්සේ ඉන්ස්ටග්‍රෑම්හි මා වෙන්නැති මෙතරම් රසික පිරිසක් එකතු කරගත් කෙනා. මම මෑතක දි මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම ආරම්භ කළෙත්.  


● ඔයා පසුගිය දවස්වල ජනාධිපතිතුමාට ලිපියක් යැව්වා නේද? ඇයි එහෙම දෙයක් කළේ?  

අපි හැමෝම දන්නවා රන්ජන් රාමනායක අයියා ජනතාවට ගොඩාක් සේවය කරපු කෙනෙක්. ඇත්තටම අද හිරගෙදරක සිටිය යුතු පුද්ගලයෙක් නොවෙයි කියන දේ ලංකාවේ ගොඩාක් අය දන්නවා. සජිත් ප්‍රේමදාස විපක්ෂනායකතුමා ජනාධිපතිතුමාට යැවූ ලිපියක් ෆේස්බුක්වල තිබුණා. මම ලිපියක් යැව්වේ නම් නෑ. ඒක මම ඉල්ලීමක් විදිහට සමාජ මාධ්‍යවල පළ කළා.  
නළු නිළියන්, අධ්‍යක්ෂකවරුන් බොහොමයක් ජනාධිපතිතුමාට ලියුම් යවලා තිබුණා රන්ජන් අයියාව නිදහස් කරන්න කියලා. මම කලාකරුවෙක් විදිහට මාත් මගේ ෆේස්බුක් එකේ සටහනක් තැබුවා ජනාධිපතිතුමාට රන්ජන් අයියා නිදහස් කරන්න කියලා. ‘සිරකරුවන්ගේ දිනය’ත් පහුවුණා. ඒත් ඔහුට නිදහස ලැබුණේ නෑ. මම දන්නේ නෑ. ඉදිරියේ දී ලැබෙයි ද කියලා. අපි කවුරු ෆෝස්ට් දැම්මත් ලිපි ලිව්වත් ජනාධිපතිතුමාගේ කැමැත්ත මත තමයි එය තීරණය වෙන්නේ. පව්. එයා හිරගෙදරක ඉන්න ඕනැ කෙනෙක් නොවෙයි.  

ඒ සටහනට කොහොමද ලැබුණු ප්‍රතිචාර…  

මම ෆේස්බුක් එකේ ෆෝස්ට් එකක් දැම්මා පමණයි. ජනාධිපතිතුමාට ලිපියක් නම් යැව්වේ නෑ. ඒකට ප්‍රතිචාර ලැබී තිබුණා. හැමෝම ඉතිං තමන්ට පුළුවන් විදිහට රන්ජන් අයියා වෙනුවෙන් කළ හැකි දේ කළා. මාත් මට පුළුවන් දේ තමයි කළේ.  

රන්ජන් වෙනුවෙන් ​ඔයා මේ දේවල් කළේ ඔහුට තිබෙන ආදරය හින්ද ද?  

එහෙමමත් නොවෙයි. ඔහු හොඳ කලාකරුවෙක්. අපි හැමෝම එක්ක මිත්‍රත්වයෙන් කටයුතු කරන කෙනෙක්. අපේ යාළුවෙක්. මීට අවුරුදු 8 කට කලින් නම් පොඩි දෙයක් රන්ජන් එක්ක මගේ තිබුණා. බොරු කියන්නේ මොකටද? දැන් එහෙම දෙයක් නම් නෑ. දැන් හොඳ යාළුවෝ පමණයි.  

ඔයාගේ හඬ පට පවා පසුගිය කාලවල රන්ජන් මාධ්‍යවලට නිකුත් කළා නේද? ඒත් ඔයා අද රන්ජන් නිදහස් කරන්නත් උදව් කරනවා. එහෙම නේද?  

මෙහෙමයි ඒක විවිධ මිනිස්සුන්ගේ හැටි. හඬපට ලීක්වුණා. ඔය හඬපට නිසා මේ ක්ෂේත්‍රයේ නළු නිළියෝ බොහොමයක් අදටත් මාත් එක්ක තරහයි. එහෙම දෙයක් හිතේ තියාගෙන වෛර කර කර ඉඳලා මටවත් ඔහුටවත් වැඩක් නෑ.  

මොකද මම පියුමි හංසමාලි කියන චරිතය වෛරය හිතේ තියාගෙන ඉන්න කෙනෙක් නොවෙයි. අදටත් රන්ජන් අයියා එක්ක ගොඩක් අය තරහයි. වෛර කරන්න පුළුවන්. මේ වෙලාවේ බන්ධනාගාරයක සිරබත් කන ඔහුට වෛර කරන්න තරම් ජරා ගැහැණියක් නොවෙයි මම. එයාගේ හඬ පට නිසා ලොකු ඩැමේජ් එකක් වුණා. නැත්තෙ නැහැ. ඒත් එහෙම වුණා කියලා මට නම් බෑ හොඳ වැඩේ කියන්න. ඉතිං මට පුළුවන් විදිහට ඔහු නිදහස් කරන්න දේවල් කරනවා. මට ලොකු අතු අල්ලන්න හයියක් නෑ. ඔහු සුපර් ස්ටාර් කෙනෙක්. මම පාසල් යන කාලයේ ඉඳලම ඔහුගේ රසිකාවියක්. ඉතිං මගේ යුතුකම තමයි මම ඉටුකළේ.  

ඔයාගේ නම හරියට මැති ඇමැතිවරු මන්ත්‍රීවරු කතා කරනවා. ඔයාට පාටිවලදි හරි මේ අය හමුවෙලා තිබෙනවාද?  

මම සාමාන්‍යයෙන් එළියට, රාත්‍රී සමාජශාලාවලට යනකොට ඇත්ත වශයෙන්ම කියනවා නම් මගේ ජීවිතයේ දී මම දැකලා තියෙන්නේ එක්කෙනෙක් දෙන්නෙක් පමණයි. නයිට් ක්ලබ්වලදි තමයි ඒ අයත් දැක්කේ. එහෙම ගියත් ඒ අය මට කතා කරලා නම් නෑ. පසුගිය දවස්වල එල්ලුම්ගහ බලන්න යන එක ගැන මටත් මඩ ගහලා ෆෝස්ට් දාලා තිබුණා. අපේ මනුස්සයෙක් තව මනුස්සයෙකුට උදව්වක් කළ විට ඒ මනුස්සයා එක්ක වැරදි සම්බන්ධතා තිබෙන විදියට තමයි මාධ්‍ය හැසිරෙන්නේ. ඒක හරි වැරදි වැටහීමක්. අපිට නම් එහෙම එල්ලුම් ගහ බලන්න යන්න තරම් සමීප මැති ඇමැතිවරු නම් නෑ.  


ඔයාට හිතවත් මැති ඇමැතිවරු මන්ත්‍රීවරු ඉන්නවාද?  

මට හිතවත් සමීපව ඉන්නේ රන්ජන් අයියා විතරයි. ඊට එහා අනෙක් අය සමග මගේ කිසිම හිතවත්කමක් නෑ.  

අද දවසේ දී රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරද්දී මේ ක්ෂේත්‍රයේ අයගෙන් ලිංගික අල්ලස් ඔයාට එනවද?  

එනවා. මොකද නැත්තේ. සමහර ටෙලිනාට්‍යවල පවා ප්‍රධාන චරිතය දෙන්න මට එයත් එක්ක නිදාගන්න පුළුවන්ද අහලා තියෙනවා. මේ ප්‍රසිද්ධ අධ්‍යක්ෂවරු මම මොකටද එයාලත් එක්ක නිදාගෙන ප්‍රධාන චරිතය ගන්නේ. ජනප්‍රිය වෙන්න දෙයක් නෑ. ගොඩාක් මියුසික් වීඩියෝවලටත් අඬගහලා තිබෙනවා. ඉල්ලන මුදලට වඩා දෙගුණයක් දෙන්නම් ලිප් කිස් කරන්න. මට කෝටියක් දුන්නත් ඒවාට බැහැ. මොකද අමාරුයි. ඒ හැඟීම් කරන්න ඕනැ ආදරය කරන කෙනෙකුට පමණයි. කොහෙවත් ඉන්න නළුවකුට ලිප් කිස් කරන්න මට නම් බෑ සල්ලිවලට අනෙක් අයට පුළුවන් ඇති මට බෑ.  


ඔයා කලකිරීම හින්දද මෙහේ චිත්‍රපටවල රඟපාන්නේ නැත්තේ.  

මෙහේ අය හරිම කුහකයි. මට චිත්‍රපට 2-3 ක් ආවා. සමහරු එක එක දේවල් කියලා මාව ගන්න එපා කිව්වා. ඒ කලකිරීම නිසා ලංකාවේ චිත්‍රපටවල රඟපාන්න මම ආසා නෑ. ජනප්‍රිය දවස්වල මාත් ජැක්සන් ඇන්තනි මහතාගේ මලයාලම් චිත්‍රපටයක රඟපෑවා. පුදුම සතුටකින් ඒ අය රූගත කළේ. අපි එක පවුලක් වගේ හිටියේ. කොරෝනා නිසා එය නතර වුණා. නැත්නම් ඒ චිත්‍රපටය මෙලහකට අපේ රටේත් තිරගත වෙලා. ඒ අතින් ජැක්සන් ඇන්තනි මහතා නිහතමානී හොඳ කෙනෙක්. ඔහුටත් තිබුණා මාව කපා දාන්න. අපේ අය කැමැති නෑ අපේම කෙනෙක් ඉස්සරහට යනවාට. හරිම කුහකයි.  


ඔයා මේ රට අතහැරලා යන අදහසේ තවම ඉන්නවාද?  

ඔව්. ඒ අදහසේ ඉන්නවා. ලබන අවුරුද්දේ බොහෝදුරට එය සිදුවෙයි. තවම ඒකට ඉඩ හදාගෙන යන ගමන් ඉන්නේ.  



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පති, ආනන්ද විජේපාල ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක් - මෙන්න ගත් පියවර
01:16
Video thumbnail
කසළ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් විසඳුම් - ආකල්පයන් පවා වෙනස් කරන්න වෙනවා
03:18
Video thumbnail
නීතිවිරෝධීව ධීවර කටයුතු කරමින් සිටියදී අනතුරට පත්වුණු ධීවර යාත්‍රාව
00:58
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට බස් යොදවා ඇති අයුරු මෙන්න - වෙනදා වෙලාවටම තමයි යන්නේ
05:08
Video thumbnail
ගල් අඟුරු කොමිසමට සාක්ෂි දෙන්න ආ DV චානක හා කුමාර ජයකොඩි
02:24
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු ‍රංගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32