නින්දවූර් පොලිස් වසමේ නින්දවූර් 08 ප්‍රදේශයේ පොල් කැඩීමට ගසකට නැඟීමේදී පුද්ගලයෙකු ඉන් ඇද වැටී මියගොස් ඇති බවට පොලිසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ මෙම අනතුර ඊයේ (12) සිදු ව ඇති අතර ඉන් 25 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බවයි.
මරණකරු කුලියට පොල් කැඩීම සඳහා ගොස් සිටියදී මෙලෙස පොල් ගසකින් ඇද වැටී ඇති බවට සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.













