රෂීඩ් ඛාන් යුග දිවියට (ඡායාරූප)

ඇෆ්ගනිස්තාන සුපිරි ක්‍රිකට් ක්‍රීඩක රෂීඩ් ඛාන් විවාහ වී තිබෙනවා.

පසුගිය 03 වනදා ඇෆ්ගනිස්ථානයේ අගනුවර වන කාබුල්හි දී ඔහුගේ විවාහ උත්සවය පවත්වා ඇති බවයි වාර්තා වුණේ.

පැෂ්තුන් චාරිත්‍රානුකූලව පැවති ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයාගේ විවාහ මංගල්‍යය සඳහා ඇෆ්ගනිස්ථාන ජාතික කණ්ඩායමේ බොහෝ ක්‍රීඩකයින් පැමිණ සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර රෂීඩ් ඛාන්ගේ සොහොයුරන් තිදෙනා ද මෙම දිනයේදීම යුගදිවියට පිවිසීම විශේෂත්වයක්.

අමීර් ඛාන්, රසා ඛාන් සහ සකිඋල්ලා යන රෂීඩ් ඛාන්ගේ සොහොයුරන් තිදෙනා ද සම්ප්‍රදායික පැෂ්තුන් චාරිත්‍රානුකූලව මෙම දිනයේදීම විවාහ වී තිබෙනවා.

මනාලයෙක් වූ රෂීඩ්, ඔහුගේ සහෝදරයින්ගේ ඡායාරුප සහ මංගල උත්සවයට පැමිණි ඇෆ්ගන්ස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් ඡායාරූප සමාජ මාධ්‍යවල සංසරණය වුවත් මනාලියන්ගේ ඡායාරූප කිසිවක් සමාජ මාධ්‍යට එක්ව නොතිබීම ගැන බොහෝ දෙනෙක් ව්‍යාකූල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන්නේ.

1 1
2 2
3
4 2
5 1