රවී සෙනවිරත්න හා ශානි ගැන කාදිනල් හිමි කිසිම ඉල්ලීමක් කර නැහැ – සිරිල් ගාමිණි පියතුමන්

රවී සෙනවිරත්න සහ ශානි අබේසේකර දෙදෙනා අදාළ තනතුරු සඳහා පත්කරන ලෙස අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් විසින් කිසිම අවස්ථාවක එවැනි ඉල්ලීමක් ජනාධිපතිවරයාගෙන් හෝ වෙනත් කිසිඳු පාර්ශ්වයකින් සිදුනොකළ බව කොළඹ අගරදගුරු පදවියේ සන්නිවේදන අධ්‍යක්ෂ සිරිල් ගාමිණි පියතුමන් පවසනවා.

අද (21) පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් සිරිල් ගාමිණි පියතුමන් මේ බව සඳහන් කළා.

කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආරම්භයේ සිටම විමර්ශන සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මාරුකර යවා තිබූ නිලධාරීන් යළිත් එම විමර්ශන සඳහා පත්කරන ලෙස ඉල්ලීමක් කළ බවයි සිරිල් ගාමිණි පියතුමන් මෙහිදී
සඳහන් කර සිටියේ.

නමුත් කිසිම අවස්ථාවක නම් වශයෙන් සඳහන් කර රවී සෙනවිරත්න හෝ ශනි අබේසේකර හෝ වෙනත් අයෙකුගේ හෝ එම තනතුරු සඳහා පත්කළ යුතු බවට කිසිම අවස්ථාවක කාදිනල් හිමිපාණන් ඉල්ලීම් සිදුනොකළ බවයි පියතුමන් වැඩිදුරටත් පැවසුවේ.

ඒ, අනුව රාජ්‍ය පාලනයට මැදිහත්වීමට කාදිනල් හිමිපාණන්ට හෝ කතෝලික සභාවට අවශ්‍යතාවයක් නොමැති බවයි මෙහිදී කොළඹ අගරදගුරු පදවියේ සන්නිවේදන අධ්‍යක්ෂ සිරිල් ගාමිණි පියතුමන් අවධාරණය කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' | නොච්චියාගම මහ රැළිය
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36