රවි සෙනෙවිරත්නගේ නඩුව තාවකාලිකව අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක්

2023 වසරේ බීමත්ව රිය පදවා රිය අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු චෝදනා යටතේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතාට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය තාවකාලිකව අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ තමන්ට එරෙහිව පවතින නඩුකරය වෙනත් අධිකරණයකට මාරු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණා.

මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම සලකා බැලුණා.

පෙත්සම්රු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චන්දන පෙරේරා මහතාගේ උපදෙස් මත නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2023 වසරේ ඔක්තෝබර් මස ඇතිවූ රිය අනතුරු සිද්ධියක් සම්බන්ධයෙන් තම සේවා දායකයාට එරෙහිව වැල්ලවත්ත පොලීසිය විසින් බීමත්ව රිය පැදවීම ඇතුළු රථ වාහන වැරදි යටතේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළ බව සඳහන් කළා.

ඊට අදාලව ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර පසුව ඇප මත මුදාහරුණු බවත් ඔහු පෙන්වා දුන්නා.

ඉන් අනතුරුව තම සේවා දායකයාට එරෙහිව බීමත්ව රිය පැදවීම යන චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට නීතිපතිවරයා විසින් උපදෙස් දී ඇති බව පොලිසිය විසින් මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නත් නීතිපතිවරයා විසින් එවැනි උපදෙසක් අධිකරණයට එවා නොමැති නිසා එම නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට ගල්කිස්සා අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් තීරණය කර තිබෙන බවත් නීතිඥවරයා සඳහන් කළා.

මහේස්ත්‍රාත්වරියගේ එම ක්‍රියා කලාපය වැරදි සහගත බවත් මේ තුළින් තම සේවා දායකයාට සාධාරණ නඩු විභාගයක් අපේක්ෂා කළ නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන බවත් නීතිඥවරයා පෙන්වා දුන්නා.

ඒ අනුව මෙම නඩුව වෙනත් අධිකරණයට මාරු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා පෙත්සම් විභාගය අවසන් වන තුරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත් හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අදාල පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින වැලවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු වග උත්තරකරුවන්ට නොතිසි නිකුත් කිරීමට නියම කළ අතර විරෝධතා තිබේ නම් ඒවා ලබන 23 වන දා ඉදිරිපත් කරන ලෙසත් නියම කළා.

ඉන් අනතුරුව පෙත්සම් විභාගය නොවැම්බර් මස 25 වනදා පැවැත්වීමටද අධිකරණය විසින් දින නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
6
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33
Video thumbnail
තමන්ගේ නම ගහපු Number Plate ඉස්සරහට ගන්න පුළුවන් ?
04:06
Video thumbnail
අංක තහඩු ලැමිනේට් කරලා ගියොත් පොලිසියෙන් දඩ..ඔයාලා ඒ දඩේ ගෙවනවද ?..හර්ෂද එකක් නෑර ප්‍රශ්න කරයි
13:46
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32