රඹුක්කන සිදුවීම ගැන පොලිස් ඇමතිගේ හරි අපූරු පැහැදිලි කිරීම මෙන්න

මහජන ආරක්ෂක ඇමති ප්‍රසනන රණතුංග රඹුක්කන සිදුවීම සම්බ්නධයෙන් පාර්ලිමේන්තුවේදී මෙලෙස අදහස් පලකළා.

ඊයේ ඇතිවුණු සිද්ධිය සම්බන්ධයෙන් මගේ කණගාටුව ප්‍රකාශ කරනවා. සිද්ධියෙන් මියගිය අයටත් තුවාල ලැබූ අයටත් අපේ කණගාටුව පළකරනවා.
තුවාල ලැබූ අයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. නීතිය හා සාමය ආරක්ෂක කරන්න ගිය පොලිස් නිලධාරීන්ටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.
සාමාන්‍ය ජනතාවටත් අපේ කණගාටුව.

මම ඊයේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස වැඩ බාරගත්තා. මම ඊයේ කාර්යබහුල වුණා. මේ සිද්ධිය ගැන පොලිස්පතිතුමා පැහැදිලි කිරීමක් කළා.
පසුගිය කාලේ පුරාම උද්ඝෝෂණ ක්‍රියාත්මක වුණා. අපි මේවා පිළිගන්න රජයක්. අපි වගකිව යුතු ආණ්ඩුවක්. පොලිසිය ඉතාමත් කැපවීමෙන් ඉවසීමෙන් කටයුතු කළා.

සාමාන්‍ය ජනතාවගේ දෛනික කටයුතු යාම සඳහා උපරිම සහයෝගය ලබාදුන්නා. අපි දැක්කා ජනතා විමුක්ති පෙරමුණ බස් රථ මගින් ජනතාව ගෙන්වා පෙළපාලියක් ගියා. සමගි ජන බලවේගයට සම්බන්ධ පුද්ගලයින්ද මුල්වී තිබෙනවා.

ඊයේ පැවති උද්ඝෝෂණවලදී බස් රථ යොදාගෙන පාරවල් අවහිර කෙරුණා. රඹුක්කන සිද්ධියත් එවැන්නක්. රට පත්වෙලා තියෙන තත්ත්වයට මෙවට අනුබල දුන් අය වගකියන්න ඕනේ. පොලිසිය මේක පාලනය කරන්න හැකි ක්‍රියාමාර්ග ගත්තා. පැය 10 ක් බස් රථ නතර කළා. මේ කලහකාරීන් ත්‍රීවීල් රථවලට ගිනි තිබ්බා. බවුසරයකට ගිනි තියන්න උත්සහ කළා. පොලිසියට තියනබලතල අනුව පොලිසියට ක්‍රියා කළා. පොලිසිය කටයුතු කළේ පොලිස් නියෝගවලට අනුවයි. පොලිසියට මේ සඳහා බලතල තියෙනවා. ඒ පොලිස් පරීක්ෂකවරයාට මේ තීන්දුව ගතහැකියි.

ගරු කථානායකතුමනි ඊයේ පොලිස්පති සහ අමාත්‍යාංශ ලේකම්වරයා කළ ප්‍රකාශය සභාගත කරනවා.

මේ සිද්ධිය විමර්ශනය කරන්න අවිස්සාවෙල්ලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් පිරිසක් පත්කරලා ඉන්නවා. මේ සිද්ධිය පිළිබදව ස්වාධීන සහ අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න කියලා මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලීමක් කළා. අපි ඉතා වගකීමෙන් කියන්නේ මේ රටේ ජනතාව ආරක්ෂා කරන්න බැදී ඉන්නවා.

මූලාසන කථානායකතුමනි ඔබතුමා දන්නවා ජනාධිපතිතුමාගේ නිවසට ගහපු අවස්ථාවේ ඉදන් පොලිසිය ඉවසීමෙන් නීත්‍යානුකූලව කටයුතු කළා. හැබැයි මම කණගාටුවනවා අද මේ කෑගහන අයගේ දරුවෝ යන්නේ නෑ මේ අය. ඒ ගොල්ලෝ ගෙවල්වල ඉන්නවා. මේ අය කරන වැඩ ගැන අපි කණගාටුවෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14