spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රඹෑවේ බිහිසුණු අනතුර සිදුකළ රියදුරු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

අනුරාධපුර – රඹෑව මාර්ගයේ කිලෝමීටර 13 සහ 14 කණු අතර ප්‍රදේශයේදී සංගීත ප්‍රසංගයක් නරඹා යමින් සිටි තරුණයින් පිරිසක් යටකර පලාගිය ජීප් රථය එහි සිටි තිදෙනෙකු සමඟ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, අනුරාධපුරය – යාපනය මංසන්ධියේදී පොලිස් භාරයට ගත් මොවුන් ප්‍රදේශයේ වාහන අලුත්වැඩියා කරන ස්ථානයක සේවකයන් බවයි.

ඔවුන්ද අදාළ සංගීත ප්‍රසංගය නැරඹීමට ගොස් පැමිණෙමින් සිටින අතරතුර මෙම අනතුර සිදුව තිබුණා.

ජීප් රථය පැදවූ තරුණයා 18 හැවිරිදි වියේ පසුවනවා.

ඔහුට රියදුරු බලපත්‍රයක්ද නොමැති බව දැනට සිදුකරන ලද පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
2
+1
3
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?