රමේෂ් සහ ප්‍රභාත් එක්ව පාකිස්ථාන පළමු ඉනිම සුනු විසුනුකර දමයි

ශ්‍රී ලංකා – පාකිස්ථාන දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථාන කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 231ක් රස කළා.

ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට රැස්කළ 378ට පිළිතුරු වශයෙන්.

එහිදී පාක්ස්ථානය වෙනුවෙන් අගා සල්මාන් ලකුණු 62ක් රැස්කළ අතර ඉමාම්-උල්-හක් ලකුණු 32ක් රැස් කිරීමට සමත් වුණා.

අනෙකුත් කිසිඳු පිතිකරුවෙකුට හෝ ලකුණු 30 සීමාව පසු කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.

පන්දු යැවීමේ දී රමේෂ් මෙන්ඩිස් පාකිස්ථාන පළමු ඉනිමේ කඩුලු 05ක් දවාගත් අතර ප්‍රභාත් ජයසූරිය කඩුළු 03ක් බිඳ දැමුවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්ථාන පළමු ඉනිමට වඩා ලකුණු 147ක් ඉදිරියෙන් සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්