රබර් කර්මාන්ත ශාලාවක ප්‍රධාන කාර්‍යාලයට වෙඩි ප්‍රහාරයක්

කිරුළපන ප්‍රදේශයේ කිරුළපන මාවත පුද්ගලික රබර් කර්මාන්ත ශාලාවක ප්‍රධාන කාර්‍යාලයකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත්තේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකු බවටයි කිරුළපන පොලිසිය පැවසුවේ.

පොලිසිය පැවසුවේ මෙම වෙඩි තැබීම පිස්තෝල ගිනි අවියකින් සිදු කර ඇති බවටයි.

වෙඩි තැබීමෙන් කිසිවෙකුට හානියක් සිදු නොවී ඇති අතර, ප්‍රධාන ගේට්ටුව ආසන්නයේ වැටී තිබූ හිස් පතොරම් කොපු තුනක් සොයා ගෙන තිබෙනවා.

මෙම වෙඩි ප්‍රහාරයෙන් ප්‍රධාන කාර්‍යාලයේ බිත්තිවලට හානි සිදු ව ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

වෙඩිල්ල තබන අවස්ථාවේ දී ආරක්ෂක නිලධාරියා සිට ඇති නමුත් ඔහුට හානියක් සිදු නැහැ.

වෙඩි තැබීමට මුල් වූ හේතුවෙ මෙතෙක් අනාවරණය වී නැති අතර; කිරුළපන පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් පැමිණ පරීක්ෂණ සිදු කර ඇති බවත්, ඊට සී.සී.ටී.වී දර්ශන ද උපයෝගී කරගෙන ඇති බවත් වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21