spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රබර් කර්මාන්ත ශාලාවක ප්‍රධාන කාර්‍යාලයට වෙඩි ප්‍රහාරයක්

කිරුළපන ප්‍රදේශයේ කිරුළපන මාවත පුද්ගලික රබර් කර්මාන්ත ශාලාවක ප්‍රධාන කාර්‍යාලයකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත්තේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකු බවටයි කිරුළපන පොලිසිය පැවසුවේ.

පොලිසිය පැවසුවේ මෙම වෙඩි තැබීම පිස්තෝල ගිනි අවියකින් සිදු කර ඇති බවටයි.

වෙඩි තැබීමෙන් කිසිවෙකුට හානියක් සිදු නොවී ඇති අතර, ප්‍රධාන ගේට්ටුව ආසන්නයේ වැටී තිබූ හිස් පතොරම් කොපු තුනක් සොයා ගෙන තිබෙනවා.

මෙම වෙඩි ප්‍රහාරයෙන් ප්‍රධාන කාර්‍යාලයේ බිත්තිවලට හානි සිදු ව ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

වෙඩිල්ල තබන අවස්ථාවේ දී ආරක්ෂක නිලධාරියා සිට ඇති නමුත් ඔහුට හානියක් සිදු නැහැ.

වෙඩි තැබීමට මුල් වූ හේතුවෙ මෙතෙක් අනාවරණය වී නැති අතර; කිරුළපන පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් පැමිණ පරීක්ෂණ සිදු කර ඇති බවත්, ඊට සී.සී.ටී.වී දර්ශන ද උපයෝගී කරගෙන ඇති බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?