‘රනිල් රාජ්‍ය සේවක වැටුප් වැඩිකරනවා කිව්වට ඒ ගැන මහා භාණ්ඩාගාරයවත් දන්නේ නැහැ’ – අගමැතිනි (වීඩියෝ)

පසුගිය ජනාධිපතිවරණ සමයේ දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිදු කරන ලද ජනතාව මුලා කිරීමේ කුමන්ත්‍රණය ගැන වත්මන් අගමැතිනි ආචාර්‍ය හරිනි අමරසුරිය මහත්මිය ප්‍රබල පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.

ඇය පවසන්නේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළ දැමීම සඳහා පසුගිය රාජ්‍ය පාලන සමයේ හැකියාවක් නොතිබූ බවත්; එය නිසි ක්‍රමවේදයක් මත සිදු කළ යුත්තක් මිසෙක නින්දෙන් ඇහැරුණු විට ගෙන ක්‍රියාත්මක කළ හැකි තීරණයක් නොවන බවයි.

මැතිවරණ සමයේ දී ජනතාව මුලා කරමින් වැටුප් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

නමුත් මේ පිළිබඳව විමසා බැලීමේ දී ඒ සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් හෝ තීරණයක් රජය හා මහා භාණ්ඩාගාරය අතර සිදු නොවූ බවයි භාණ්ඩාගාරය විසින් දැනුම්දී ඇත්තේ.

එබැවින් මෙවැනි ජනතාව මුලා කරන තීන්දු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ බවත්; ඔහු එය මැනවින් දැනගෙන සිදු කළ ක්‍රියාවක් බවටත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16