රනිල් ජනපති අපේක්ෂකයා කරන්න පොහොට්ටුව තීරණයක් ගෙන නෑ – නාමල්

රජයේ මැතිඇමති ධුර ලබාගත් පොදු ජන පෙරමුණේ සුළු පිරිසක් වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනපතිවරණයේ අපේක්ෂකයා විය යුතු බවට මත පල කලත් එය පක්ෂයේ මතය නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

මහනුවර, නෙල්ලිගල පැවති උත්සවයකින් පසු මාධ්‍ය හමුවේ අදහස් පළ කළ ඔහු කියා සිටියේ, කෙසේ වුවත් මේ රටේ ඊළඟ ජනාධිපතිවරයා බිහිවනුයේ පොදුජන පෙරමුණ ප්‍රමුඛ පුළුල් සන්ධානයකින් බවයි.

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ නාමල් රාජපක්ෂ,

” ජනාධිපතිතුමන් එක්ක කැබිනට් මණ්ඩලයේ මේ වෙලාවෙ අමාත්‍ය ධුර රාජ්‍ය අමාත්‍ය ධුර ලබාගත් අපේ අයගේ අදහසක් තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහතාටම ඉදිරි ජනාධිපති අපේක්ෂක ධුරය ලබාදිය යුතුයි කියලා තවත් අය තවත් අයගේ නම් ඉදිරිපත් කරනවා. ඒ ගැන අපි කලබල විය යුතු නෑ. ජනාධිපතිවරණයට දින නියම වුණාම අපේ අපේක්ෂකයා අපි ඉදිරිපත් කරන්නම්. තම තමන්ගේ පුද්ගලික මතය ඉදිරිපත් කිරීමේ නිදහස අපේ පක්ෂයේ තියෙනවා. වෙන පක්ෂවල ප්‍රතිවිරුද්ධ මත ඉදිරිපත් කළොත් සාමාජිකත්වය පවා තහනම් කරනවනේ.

ශ්‍රී ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කියලා හරින් ප්‍රනාන්දු ඇමතිතුමා කියන්න ඇත්තේ විහිළුවට කියලා තමයි මම නම් හිතන්නේ. ඒ ප්‍රකාශයේ පරිණතභාවය වගේම ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන අයගේ පරිණතභාවය පිළිබඳ මෙතන ගැටලුවක් තියෙනවා. පරිණතභාවයක් නෑ කියලා තමයි මට නං හිතෙන්නේ. කෙසේ වුවත් ඒ රජයේ මතය නෙවෙයි. ඒ නිසා වැඩිය ගණන් ගත යුතු නෑ.

මාර්ගගත ක්‍රමවේදයේ සුරක්ෂිතභාව පිළිබඳ පනතට කථානායකතුමා අත්සන් කළා කියලා විපක්ෂය දැන් කලබල කරනවා. කථානායකතුමා ඒ පනතට අත්සන් කළේ පාර්ලිමේන්තුවේ සම්මත වුණාට පසුවයි. සංශෝධන සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ අදහස විමසන්න කාලය දී තිබුණා. ඊට පසුව දෙන තීරණවලට අනුව කටයුතු කරන්න කථානායකතුමාට හැකියාවක් නෑ කියලයි මම නම් හිතන්නේ. ඒ පිළිබඳ ගැටළු සහගත තත්ත්වයක් තියෙනවා නම් කථානායකතුමාට පුළුවන් නීතිපතිතුමා එක්ක සාකච්ඡා කරලා තීරණයකට එළඹෙන්න.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැසිල් බැ#හැපන් පුළුවන්නම්..බැහැපු ගමන් අත්අඩංගුවට..නාමල් ඔයාගේ බාප්පා ගෙනත් දෙන්න
01:11
Video thumbnail
ගෝඨට වෙච්ච දේ වෙයි කියලා හිතනවනම් ඒවා හීන..අපේ ආණ්ඩුවට ඒක ලොවෙත් වෙන්නේ නෑ
07:22
Video thumbnail
බදුල්ල - මහියංගණය මාර්ගයේ උඩුයටිකුරු වුණ ලොරි රථය.."එක පාරම සද්දයක් ආවා - පස්සෙන් පස්සට ගියා"
01:41
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන නාමල් කට අරියි..දැන් නීතියට යටින් ඉන්නේ ජනපතිද ?
01:29
Video thumbnail
ඩීසල් ලීටරය රු. 150කින් වැඩිවෙනවා ? ජනතාවට අබ සරණයි..මරික්කාර්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්
06:02
Video thumbnail
ටිල්වින්ට තියෙන බලය මොකක්ද තීරණ ගන්න..කියනවා පළාත් සභා මැතිවරණයක් නෑ කියලා
02:29
Video thumbnail
දරුවන් ගැන සජිත් හැමෝම ඉස්සරහා කිව්ව දේ..දරුවන්ගේ අයිතිවාසිකම් රටේ මූලික අයිතිවාසිකම්
09:44
Video thumbnail
සඳගිරිසෑයට හොරු පනියි..මැණික් සහ රන් මාල උස්සලා..ධාතූන් වහන්සේ වැඩසිටි සියපත පැත්තකට දාලා
07:44
Video thumbnail
නාමල්ගේ හෙට පානදුර රැළියට සූදානම..කොටු ඇදලා ඉරි ගහලා මැනගන්නකෝ..පානදුර ටවුන් එක වහනවා
01:12
Video thumbnail
සජිත් ඒ පුංචි ළමයින්ට තියෙන ආදරය..පෙරපාසල් ළමුන් 550 දෙනෙකුට සජිත් දුන්න අපූරු තෑගී
02:18