රනිල්ට සහාය දැක්වූ සියලුම දේශපාලන පක්ෂ ගෑස් සිලින්ඩරයෙන් මහමැතිවරණයට

පසුගිය ජනාධිපතිවරණයේ දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ සියලුම දේශපාලන පක්ෂ එළඹෙන මහ මැතිවරණයේ දී ගෑස් සිලින්ඩරය යටතේ තරග වැදීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව නොවැම්බර් මස 14 වැනි දින පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ දී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ඔවුන් තරග වදින බවයි දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේ.