spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රනිල්ගේ ආණ්ඩුවට,මෛත්‍රීගේ තවත් පිරිසක් එකතු වෙයි ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන තවත් පිරිසක් ආණ්ඩුවට සහයෝගය ලබාදෙමින් ඇමති ධුර ලබාගැනීමට සූදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර සහ චාමර සම්පත් දිසානායක යන නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් මෙලෙස ඇමති ධුර අපේක්ෂාවෙන් සිටින බවයි වාර්තා වන්නේ.

මෙම පිරිස පසුගිය දිනක අගමැති රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡාවක්ද පවත්වා ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

අත්‍යවශ්‍යම ඇමති ධුර පමණක් බිහිකරමින් මේ මොහොතේ රටේ ප්‍රශ්නවලට විසඳුම් සෙවිය යුතු බව එහිදී සාකච්ඡා වී ඇති බව සඳහන්.

එවැනි පසුබිමක් තුළ පසුගිය දා අමාත්‍යධුර ලබාගත් නිමල් සිරිපාල ද සිල්වා සහ සුසිල් ප්‍රේමජයන්ත සම්බන්ධයෙන් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන සිය අප්‍රසාදය ද පල කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?