spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රනිල්ගෙන් හරීන්ට ආ අමුතු දුරකථන ඇමතුම

පාස්කු ප්‍රහාරය සම්බන්ධ සිදුවීමකට ප්‍රකාශයක් ලබාදීම සඳහා ඊයේ (28) දිනයේ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කොළඹ පිහිටි අපරාධ විමර්ශන දෙපාර්තුමේන්තුව වෙත පැමිණ තිබුණා.

පැය 05කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා විසින් මාධ්‍ය වෙත අදහස් පළ කර සිටියා.

එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පැමිණි දුරකථන ඇමතුමක් සම්බන්ධයෙන් ද හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා විසින් මාධ්‍ය වෙත පවසා සිටියා.

හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ තමන් අපරාධ විමර්ශන දෙපාර්තුමේන්තුවට පැමිණීමට පෙර රනිල් වික්‍රමසිංහ මහතාගෙන් දුරකථන ඇමතුමක් ලැබුණු බවයි.

එහිදී හරීන් ප්‍රානන්දු මන්ත්‍රිවරයා එම දුරකථන ඇමතුම සම්බන්ධව  පවසා සිටියේ “එතුමා කතා කරලා කිව්වෙත් ඕනම තැනක කියන්න කියලා ඒ මට දුරකථන ඇමතුම ආපු ගමන්ම මම රනිල් වික්‍රමසිංහ මහතාව දැනුවත් කළා.. ඒ නිසා එතුමාව ගෙන්නලා කටඋත්තර ගන්න කියලා එතුමා එතනින් පස්සේ පොලීසිය දැනුවත් වෙලා හිටපු ඒවා ගැන එතුමත් කියන්නම් කියලා ප්‍රකාශයකුත් කරා..” යනුවෙනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?