රන් සොරකමකට ස්ථානාධිපතිවරයෙක් සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

පානදුර මූලස්ථාන පොලීසියේ අපරාධ අංශ ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරනවා.

රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් සතුව තිබූ රන් භාණ්ඩ අතරින් රන් පවුම් 07ක් අධිකරණයට ඉදිරිපත් නොකර සන්තකයේ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම පොලිස් නිලධාරීන් දෙදෙනාට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

මහනුවර කොට්ඨාස අපරාධ අංශය විසින් සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"කෘෂිකර්ම ඇමති නැත්තම් ගොයම් බීජයක් උඩට එන්නේ නෑ යටට යන්නේ..ආනුභාවයෙන් මේවා වෙන්නේ"
08:40
Video thumbnail
මහර සිද්ධිය ගැන චානක කට අරියි - පාපිසි වැඩ කරනකොට ඕවා සාමාන්‍ය දේවල්
03:23
Video thumbnail
ආණ්ඩුව රටම නොමඟ යවලා - ගල් අඟුරු වංචාව DV චානක හෙළිකරපු දේ
03:15
Video thumbnail
විශ්‍රාම කාලය වැඩි කරන්න ඇයි මේ හදිස්සිය - අපිට මේක සැකයි - යටි අරමුණක් නිසාද?
13:27
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
00:58
Video thumbnail
මම ඊළඟ පාරේ ආණ්ඩු පැත්තේ වාඩිවෙනවා
02:25
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
00:44
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
02:11
Video thumbnail
ලාල්කාන්ත මට කතා කරලා කිව්වා නිශ්ශබ්දව ඉන්න කියලා - මං කිව්වා මට නිශ්ශබ්දව ඉන්න බෑ කියලා
05:20
Video thumbnail
පස් කන්දකට යට වී අතුරුදන්ව සිටි සිව් දෙනාගේම සිරුර සොයා ගැනේ
00:30