රන් මිල යළිත් වෙනස් වෙයි.. හේතුව මෙන්න !

ඔමික්‍රොන් නව කොරෝනා ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමඟ මතුව ඇති ගෝලීය ආර්ථික අවිනිශ්චිත භාවය හමුවේ ලෝක වෙළඳපොලේ රන් මිල සති අන්තයේදී ඉහළ යාමක් දක්නට ලැබුණා.

රන් අවුන්සයක මිල සති අන්තය වනවිට ඇමරිකානු ඩොලර් 1,783 දක්වා ඉහළ ගිය අතර, ඉදිරි සති තුන හතරක කාලය තුළ එහි පහත වැටීමක් අපේක්ෂා නොකරන බවයි වෙළඳපොල විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

ලෝක වෙළඳපොලේ රන් මිල යළි ඉහළ යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන්නේ මාසයකින් අඩුම අගයන් සළකුණු කිරීමෙන් අනතුරුවයි.

මේ අතර ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදයේ ව්‍යාප්තිය හමුවේ ගෝලීය ආර්ථික වර්ධනය මන්දගාමී වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජියෝජියේවා ප්‍රකාශ කළා.

ඇය සඳහන් කළේ නව පුරෝකථන මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති අතර, පසුගිය ඔක්තෝම්බරයේ මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේ මෙම වසරේදී ගෝලීය ආර්ථික වර්ධනය සියයට 5.9ක් ලෙස ප්‍රකෘතිමත් වනු ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46