රන් මිල පහළට

කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි රත්‍රං මිල ගණන්වල කැපීපෙනෙන පහළ යාමක් අද (06) දින වාර්තා වී තිබේ.ඒ අනුව කැරට් 22 රන් පවුමක මිල රු. 175,800 ක් සහ කැරට් 24 රත්‍රං පවුමක මිල රු. 190,000 ක් ලෙසින් සටහන්ව ඇත.

පසුගිය සතියේ දී හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි මිල ගණන්වලට අනුව කැරට් 22 රන් පවුමක මිල රු. 195,000 දක්වා සහ සහ කැරට් 24 රත්‍රං පවුමක මිල රු. 205,000 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

කෙසේවෙතත් එම මිල ගණන්වලට ද අලෙවිය සඳහා රත්‍රං නොමැති බව බොහෝ වෙළෙඳසැළ්වලින් කළ විමසීම්වල දී අනාවරණය විය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ප්‍රකාශකයෙකු කියා සිටියේ, පසුගිය දින කිහිපය තුළ රත්‍රං මිල සීඝ්‍රයෙන් ඉහළ යාම, වෙළෙඳපොළේ හිඟයක් නිර්මාණය කරමින් කෘතිමව සිදුවූ දෙයක් බවයි. එම මිල ගණන්වලට මිල දී ගැනීම සඳහා පාරිභෝගිකයන්ගේ උනන්දුවක් නොමැති වීම හේතුවෙන් වෙළෙඳපොළ බලවේග අනුව මිල පහළ යාමක් සිදුව ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට යන්න ගිය ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි - පාඩුවේ එළියට එන හැටි
01:24
Video thumbnail
සජබ, එජාප, පොහොට්ටු එකතු වෙන්න ඕනි - ආණ්ඩුව දැන් අපිට බයවෙලා තියෙන්නේ
01:48
Video thumbnail
රනිල් එක්ක කතා කරපු දේ වජිර හෙළිකරයි - ආණ්ඩු කියන ඒවා එනවා වැටෙනවා
01:24
Video thumbnail
රනිල් තම පාක්ෂිකයින්ට උපදෙස් දෙයි - ලැයිස්තුවෙන් එන 100න් 25ක් කාන්තාවෝ වෙන්න ඕනි
05:12
Video thumbnail
එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය හදිසියේම රැස්වෙයි - රනිල් ඇතුළු පාක්ෂිකයින් රැසක් එයි
02:21
Video thumbnail
නාමල් පුතා වෙනුවෙන් ආ මහප්පා...
00:23