රත්‍රං මිල ගණන්වල පහළ යාමක් පෙන්නුම් කෙරෙන බවට තොරතුරු වාර්තා වනවා.
අද (13) පෙරවරුවේ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොලේ කැරට් 22 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 158,600 ක් ලෙසටයි.
කැරට් 22 රන් පවුමක මිල ඊයේ (12) රුපියල් 161,600ක් ලෙසටයි දැක්වුණේ.
මේ අතර ඊයේ රුපියල් 174,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රුපියල් 171,500 ක් දක්වා පහත වැටී ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොල ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.













