රන් ආලේපිත ගිනිඅවියේ සිද්ධියේ සැකකාරියට ඇප

කොළඹ ,හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ කාන්තාවක් සතුව තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විශාඛා අයිරාංගනී විරකෝන් නැමැති සැකකාරිය ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ අද (17) නියෝග කළා.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකාරිය වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ ඇප ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිරකරත්න මහතා විසින් මෙම නියෝගය ලබා දුන්නේ.

ඒ අනුව අදාළ සැකකාරිය රුපියල් 250,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීරය ඇප දෙකක් මත මුදා හැරීමටයි අධිකරණය විසින් නියම කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්